×

උතුරු කොරියාව රහසිගත තිප්පොළ 13 ක මිසයිල හංගලා! – අලුත්ම වාර්තාවක් හෙළි කරයි.

උතුරු කොරියාව, අන්තර්ජාතික මිසයිල නිරීක්ෂකයන් හට සිය රටට පැමිණීමට දොරගුළු විවර කර ඇතත්, ඒ සමගම ඔවුන් විසින් දුර බැහැර පළාත්වල මිසයිල සඟවමින් සිටින බව අලුත්ම වාර්තාවක් හෙළි කර සිටියි.


ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන Center for Strategic and International Studies (CSIS) ආයතනය පෙන්වා දෙන්නේ, ඈත එපිට කඳුකරයේ මෙම රහසිගත තිප්පොළ පිහිටා තිබෙන බවයි. ඒ අතරින් ස්ථාන 13 ක් නිශ්චිතව හඳුනාගෙන ඇති බවත්, තවත් ස්ථාන 7 ක් හඳුනාගැනීමට අපහසු වී ඇති බවත් මෙම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙම පුවත පළ වන්නේ, 2 වන ට්‍රම්ප්-කිම් සමුළුව 2019 වසරේ මුල් භාගයේ පැවැත්වෙන බව දෙරට නායකයන් විසින් සනාථ කර ඇති වාතාවරණයක් තුළදී ය. ට්‍රම්ප් විසින් “incredible” යනුවෙන් මහත් සේ උදම් අනමින් තිබෙන උතුරු කොරියානු විදේශ ප්‍රතිපත්තියේ අවංකභාවය ද මේ අනුව ප්‍රශ්න කිරීමට ලක් වේ.

අතීතයේ ට්‍රම්ප් විසින් ‘ලිට්ල් රොකට් මෑන්‘ යනුවෙන් අපහාසාත්මකව හැඳින්වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, පසුගිය මාස කිහිපය පුරාම මිසයිල ආරක්ෂණ වැඩපිළිවෙළට සහාය දැක්වීම පසුගිය මාසයේදී ට්‍රම්ප්ගේ ප්‍රශංසාවට ලක්වූයේ පහත අන්දමිනි.

“You got no rockets flying, you have no missiles flying, you have no nuclear testing,”

“We’ve made incredible progress – beyond incredible.”

නමුත් CSIS ආයතනය පැහැදිලිවම සඳහන් කරන්නේ, උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල අත්හදා නොබැලූ බව ඉතාම සාධනීය වන නමුත්, ඔවුන් එම මිසයිල නිෂ්පාදනයෙන් වැළකී සිටින බවක් එයින් අදහස් නොවන බවයි.

අල් ජසීරා පුවත් අඩවියෙන් අප විසින් උපුටා ගන්නා පහත රූප සටහන මගින් දැක්වෙන්නේ උතුරු කොරියාවේ මිසයිල වත්කම වර්තමානය වන විට පවතින ආකාරයයි. කෙසේ නමුත්, දැනට පවතින දත්ත පමණක් මේ සටහන සඳහා යොදාගෙන ඇති බැවින්, සැබෑ සංඛ්‍යාලේඛන මීට වඩා ඉහළ යාමට ද ඉඩ තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි