×

උතුරු කොරියාව කෙටි දුර මිසයිල අත්හදා බලයි.

මෙම මිසයිල කිලෝ මීටර් 70ත් 200ත් අතර පරාසයක දුරකට එල්ල කළ හැකි ඒවාය. අත්හදා බැලීමේදී ඒවා ජපන් මුහුද වෙත එල්ල කළ බවද ප්‍රකාශිතය.



උතුරු කොරියාව විසින් විවිධ අයුරේ කෙටි දුර මිසයිල ගණනාවක් පරීක්ෂාවට ලක් කර ඇති බව අනාවරණය වේ. එම අක්හදා බැලීම් ඔවුන් විසින් සිදු කර ඇත්තේ උතුරු කොරියාවට අයත් හොඩෝ අර්ධද්වීපයේදී ය. මෙම අත්හදා බැලීම 2017 වසරේ අන්තර් මහද්වීප මිසයිල අත්හදා බැලීමට පසු මිසයිල අත්හදා බැලීමක් සිදු කළ ප්‍රථම අවස්ථාවයි.

මෙම මිසයිල කිලෝ මීටර් 70ත් 200ත් අතර පරාසයක දුරකට එල්ල කළ හැකි ඒවාය. අත්හදා බැලීමේදී ඒවා ජපන් මුහුද වෙත එල්ල කළ බවද ප්‍රකාශිතය.

මේ අතර නව තාක්ෂණික මිසයිල අත්හදා බැලීමක් ලෙස හදුන්වමින් ඔවු හු න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් සිදු කරන ලද බව උතුරු කොරියාවු ආරක්ෂක අංශ මගින් පසු ගිය මස අනාවරණය කරන ලදී,

වියටනාමයේ හැනෝයී හීදී පැවති උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව අසාර්ථක වීමෙන් පසු මෙම අත්හදා බැලීම් සිදු කිරීමට උතුරු කොරියානු අවධානය වඩාත් යොමුව ඇත.

මෙම අත්හදා බැලීම් සම්බන්ධව ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසන්නේ උතුරු තොරියාව විසින් සිදු කරගෙන යන න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධව ඇමරිකාව අවධානයෙන් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි