×

කිම් ජොන් උන් ගේ නව පෙනුම උතුරු කොරියානුවන් හඩවයි

විශ්ලේෂකයින් පවසන්නේ කිම්ගේ බරෙහි වෙනස තවත් එක් මංමුලා කිරීමක් පමණක් වන බවයි. රටේ අර්බුද උත්සන්න වන කාල වලදී සිය රට වැසියන් මංමුලා කිරිමේ අදහසින් සහ පාලන තන්ත්‍රය කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතීත්වය වර්ධනය කර ගැනීමේ අභිලාශයෙන් බලධාරීන් මෙවැනි උත්සහයක යෙදෙන බවයි.


 

මීට පෙර කිලෝ ග්‍රෑම් 140කින් යුතු වූ සිය නායකයාගේ සිරුරෙහි බර අඩු වී ඔහු කෙසග වී ඇතැයි උතුරු කොරියානුවන් කණස්සල්ට පත්වී ඇති බව එරට රාජ්‍ය රූපවාහිනිය මගින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී. තම නායකයා ගේ වෙනස් වීම පිළිබද කදුළු සලන රටවැසියන්ගේ අදහස් උපුටා දක්වමින් එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාව පෙන්වා දෙන්නේ සිය නායකයා යම් ව්‍යාකූල තත්ත්වයකට පත් වීම නිසා මෙසේ ඔහුගේ බර අඩු වී ඇතැයි සළකන උතුරු කොරියානු වැසියන් කදුළු සළමින් කණස්සල්ට පත්ව සිටින බවයි.

මෑතකදී නිකුත් කරන ලද ඔහුගේ ඡායාරූප වලට අනුව අඩි පහයි අගල් 8ක් උසැති කිම් ජොන් උන් ගේ බර පෙරට වඩා අඩු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිවේ. මින් පෙර ඔහු කිලෝ ග්‍රෑම් 140ක බරින් යුතු වූ අතර කොරියානුවන් පවසන්නේ ඔහුගේ බර කිලෝ ග්‍රෑම් 10ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බවයි.

කෙසේ වුවත් කිම් ජොන් උන්ගේ මෙම තත්ත්වය සහ එරට රාජ්‍ය රූපවාහිනි නාලිකාවේ හැසිරීම පිළිබදව අදහස් දක්වන විශ්ලේෂකයින් පවසන්නේ කිම්ගේ බරෙහි වෙනස තවත් එක් මංමුලා කිරීමක් පමණක් වන බවයි. රටේ අර්බුද උත්සන්න වන කාල වලදී සිය රට වැසියන් මංමුලා කිරිමේ අදහසින් සහ පාලන තන්ත්‍රය කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතීත්වය වර්ධනය කර ගැනීමේ අභිලාශයෙන් බලධාරීන් මෙවැනි උත්සහයක යෙදෙන බවයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සහ උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවල පාලනය කිරීමේ අරමුණින් එරටට එරෙහිව ජාත්‍යන්තරව පැන නැගුණ ආර්ථික සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව මුහුණ දෙමින් සිටින ආර්ථික කඩා වැටිම පිළිබදව සිය නායකයාගේ කණස්සල්ල සහ ඔහු ඒ වෙනුවෙන් අරගල කරන බවටත් ජනතාවට ඒත්තු ගැන්වීම මෙහෙි අරමුණ බව ඔවුන් පවසයි.

කිම්ගේ කාර්යාලය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා සිටින්නේද පසුගිය කාලය පුරාවට කිම් ජොන් උන් ආහාර වේල සහ සෞඛ්‍ය පහසුකම් අත්හරිමින් සිය ජනතාවගේත් රටේත් ගැටළු විසදීමට කාර්යබහල වූ බවයි.

උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර මාධ්‍ය තුළ කථා බහකට ලක්විය ඇතැමි මාධ්‍ය ඇතැම් විටක ප්‍රකාශයට පත් කලේ කිම්ජොන් උන් මිය ගොස් ඇති බවකි. කෙසේ හෝ වේවා ඔහුගේ කාර්ලය විසින් ඉදිරිපත් කර ඇති නවතම ඡායාරූප මගින් පෙන්වා දෙන පරිදි ඔහුගේ බරෙහි යම් වෙනසක් සිදුව ඇත්නම් එය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ යම් පිරිහීමක්නම් ඒ පිළිබදව ඉදුරාම උතුරු කොරියානුවන් කනස්සල්ට පත්වනු නියතය. මන්ද අනුප්‍රාප්තික සැලසුම් අපැහැදිලි වීමත් සමඟ, කිම්ගේ සෞඛ්‍යය හදිසියේ පහත වැටීම උතුරු කොරියාවේ අවුරුදු 76 ක් පැරණි පාරම්පරික නායකත්ව ක්‍රමය අවුල් ජාලයකට ඇද දැමිය හැකි බැවිනි. උතුරු කොරියානු අධ්‍යයන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන යැං මූ-ජින් කියා සිටියේ කිම්ගේ මෑතදී බර අඩු කර ගැනීම උග්‍ර රෝගාබාධයක ලක්‍ෂණයක් විය හැකි බවයි.

කෙසේ වෙතත් කිම්ගේ පෞද්ගලික ජීවිතය සාමාන්‍යයෙන් උතුරු කොරියාවේ මාධ්‍යයට තහනම්ය – 37 හැවිරිදි වියේ පසුවන ඔහුට දරුවන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද යන්න පියොංයැං කිසි විටෙකත් තහවුරු කර නැත. අධික දුම් පානය කරන්නෙකු වන ඔහුගේ පියා කිම් ජොන් ඉල් සහ සීයා කිම් ඉල් සුං ද අධික බර හා අධික දුම් පානය කරන්නන් විය. ඒ දෙදෙනාම ද මිය ගියේ හෘදයාබාධ හේතුවෙනි..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි