×

උතුරු කොරියානු නායකයා නැවත චීනයට

උතුරු කොරියානු නායකයා සිව්වැනි වතාවටත් චීනයේ සංචාරය කරමින් සිටියි.


සිය වසර 6 ක ධුර කාලය තුළ 2018 වසර වන තෙක් කිසිදු චීන සබඳතාවක්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පවත්වාගත්තේ නැත. නමුත් 2018 වසරේදී ඔහු 3 වතාවක් චීනයේ සංචාරය කළේය.

මෙවර සංචාරය, ඔහු විසින් කලින්‍ නොදන්වා පැමිණි එකක් බව ද විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) ඔහුව උණුසුම් ලෙස පිළිගත් බව වාර්තා වේ.

කිම් ජොන් උන් චීනයට පිවිසෙන ඩැන්ගොන්ග් දේශසීමා නගරයේ මෙම පැමිණීමත් සමග රැකවල් තර කර තිබේ.

දේශසීමාවට මුහුණ ලා තිබෙන හෝටල් කාමර ද අමුත්තන්ට මේ වන විට තහනම් කලාපයක් බවට පත් කර ඇත.

මෙවර සංචාරය සඳහා ඔහුගේ භාර්යාව රි සොල්-ජු (Ri Sol-ju) ද එක්වී සිටියි. මෙවර සංචාරය දින 3 කි.

Getty Images
උතුරු කොරියානු නායකයා සහ චීන නායකයා 2018 මාර්තු මාසයේ මුල් වරට හමු වූ විට පුවත්පත් ශීර්ෂපාඨ මැවුණේය. | Getty Images

මේ අතර, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව නැවත හමුවීම සඳහා ද උතුරු කොරියානු නායකයා මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

ප්‍රධාන ඡායාරූපය : EPA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි