×

මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තයෙන් ගබ්සාව නීතිගත කිරීමේ ඓතිහාසික තීන්දුවක්!

මෙක්සිකෝවේ දිළිඳුතම ප්‍රාන්තයක් සේ සැලකෙන ඔක්සාකා ප්‍රාන්තය ගත් මෙම තීන්දුව ඉතා ප්‍රගතිශීලී බව පැවසේ.


ගබ්සාව නීතිගත කිරීමේ ඓතිහාසික පනත් කෙටුම්පතක් මෙක්සිකෝවේ ඔක්සාකා ප්‍රාන්තය අනුමත කරයි.

පසුගිය බදාදා (25) දින ඔක්සාකා අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන් අතර, මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරයෙන් පසු ගබ්සාව නීතිගත කළ එකම කලාපය බවට ද ඔක්සාකා ප්‍රාන්තය අයත් වේ.

රෝමානු කතෝලික දහම ප්‍රමුඛ රාජ්‍යයක් වූ මෙක්සිකෝවේ මෙම ප්‍රගතිශීලී තීන්දුව ගත් දෙවන කලාපය ඔක්සාකා ප්‍රාන්තයයි. 

ආගමික හා වෙනත් පදනම් මත ගබ්සාවට විරෝධය එල්ල කරන විරුද්ධවාදීන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ ඉදිරිපත් වූ මෙම පනත් කෙටුම්පතට පක්ෂව කොන්ග්‍රසයේ නීති සම්පාදකයින් 24 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර සිටි අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර සිටියේ දස දෙනෙකු පමණි.   

මෙම පනත මඟින් ගැබිනි සමයේ පළමු සති 12 තුළ පමණක් කළලය ගබ්සා කිරීම සඳහා මව්වරුන්ට අවසර ලැබේ. 

ගබ්සාව පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් දැරීම ප්‍රතික්ෂේප කරන මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර්ගේ වාමාංශික ජාතික පුනර්ජනන ව්‍යාපාරය (National Regeneration Movement) විසින් ඔක්සාකා ප්‍රාන්ත කොන්ග්‍රසයේ ආධිපත්‍යය දරයි.

2007 වර්ෂයේදී ගබ්සාව නීතිගත කළ මෙක්සිකානු අගනුවරින් පිටත, කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිදුවීමක් යටතේ හැර, මේ දක්වා සියලු ප්‍රාන්තවල මෙම ක්‍රියා පටිපාටිය නීති විරෝධී ව පැවතිණි.

එබැවින් මෙක්සිකෝවේ දිළිඳුතම ප්‍රාන්තයක් සේ සැලකෙන ඔක්සාකා ප්‍රාන්තය ගත් මෙම තීන්දුව ඉතා ප්‍රගතිශීලී බව පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි