×

සාගරය පිරිසිදු කිරීමේ උපකරණයක් ප්‍රථම වරට සාර්ථකව යොදා ගනී

පැසිපික් සාගරය පිරිසිදු කෙරේ


පැසිපික් සාගරය මත පාවෙන අපද්‍රව්‍ය සියල්ල එක් තැනකට එක් රැස් කිරීම සදහා හදුන්වා දෙන ලද ක්‍රමවේදයක් ප්‍රථම වතාවට සාර්ථ වේ.

ඉතා විශාල පාවෙන උපකරණයක් වන මෙය නිර්මාණය කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික විද්‍යාඥයින් පිරිසක් විසිනි. මේ අනුව මුල්ම වතාවට ප්‍රංශය මෙන් තුන් ගුණයක් විශාල පැසිපික් සාගරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට හැකි වී තිබේ.

බොයාන් ස්ලට් නැමති මෙම උපකරණයේ ප්‍රධාන නිර්මාපකයා විසින් සිය ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබදව ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ මීර් 600ක් දිග එනම් අඩි 2000ක දිගින් යුත් නිදහස් ඉපිල්ලුම් යන්ත්‍රය මගින් ලොව වැඩිම අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඇති Great Pacific Garbage Patch නමින් හදුන්වන පැසිපික් සාගරයේ අප ද්‍රව්‍ය එක් තැනකට එක් කළ බවයි.


මේ වෙනුවෙන්ම නිර්මාණයක කරන ලද මෙම උපකරණය විසින් ප්ලාස්ටික් බෝතල් මෙන්ම වාහන වල ටයර් ද එකතු කර ගනු ලැබ ඇත. සෑම වසරකම මසුන් ඇල්ලීම සදහා යොදා ගන්නා විවිධ මට්ටමේ උපකරණ මෙට්‍රික් ටොන් 600 000 සිට 800 000 බරින් යුතු ප්‍රමාණයක් මුහුදට මුදා හැරෙන අතර තවත් මෙට්‍රික් ටොන් 8ක බරින් යුතු ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට මුදා හැරේ. පැසිපික් සාගරය මෙන්ම හවායී සහ කැලිෆෝනියාව අතර සාගරයේද මෙවැනිම අපද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඇති සාගර තීරුවක පවතී. එය ලොව විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය රැදුණ සාගර ප්‍රදේශයයි. ප්ලාස්ටික් ඉවත් කිරීමේ මී ලග ව්‍යාපෘතිය එහි දියත් කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි