×

”2019” දශකයේ ඉහළම සාගර උෂ්ණත්වයක් වාර්ථා කළ වසර බව ඔබ දන්නවාද? හෙට දවස කෙසේ විසඳේවිද??

2019 වසර ඉතිහාසයේ උණුසුම්ම වසර පමණක් නොව, එය මුළු මහත් දශකය තුළවැඩිම උෂ්ණත්වයක් පෙන්වූ  තනි වසරක් බව ප්‍රත්‍යක්ෂ වේ.


 

පසුගියදා ලොව වටා රාජ්‍යයන් 156ක විද්‍යාඥයන් විසින් ගෝලීය හදිසි දේශ ගුණික තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට යෝජනා කරන ලදී,

සාගර යනු දේශ ගුණික හදිසි අවස්ථා වල පැහැදිලිම සහ වැදගත්ම මිනුම වේ. ගොඩ බිම මත සිදු වන පොසිල ඉන්ධන දහනය, වන විනාශය, හරිතාගාර වායූන්, මෙන්ම විවිධාකාරයේ මානව ක්‍රියාකාරකම් විසින් මුදා හරින 90%කටත් වැඩි තාපය සාගරය මගින් අවශෝෂණය කර ගනී, ඒ මගින් සාගර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යමින් පවතින බව පසුගියදා සිදු කරනු ලැබූ විශ්ලේෂණයකදී අනාවරණය කර ගැණින.

පසුගිය වසර 5ක කාලය ලෝකය වැඩිම සාගර උෂ්ණත්වය වාර්ථාවූ වසර 5 ලෙස මෙන්ම පසුගිය වසර 10 වැඩිම සාගර උෂ්ණත්වයක් වාර්ථා වූ වසර 10 ලෙසටද මෙම විශ්ලේෂණය මගින් වාර්ථා විය.

Bleached coral on the Great Barrier Reef, Australia.

 

සෑම මෙහොතකම සාගරයට ගොඩ බිමෙන් එක් වන තාප ප්‍රමාණය පුද්ගලයින් 100 දෙනෙකු විසින් දිවා රෑ මුළුල්ලෙහි මයික්‍රොවේව උඳුන් 100ක් ක්‍රියාත්මක කිරීමෙන් උපදන තාප ප්‍රමාණයට සමානය.

මෙසේ සාගර උෂ්ණත්වය අධිත ලෙස ඉහළ යෑම කිසිසේත් සාගර ජීවයට පමණකක් නොව ගොඩ බිම ජීවයට එල්ල කරනු ලබන්නේ ඉමහත් වූ බලපෑමකි. උණුසුම් සාගරය කුණාටු නිර්මාණය කරනු ලබන අතර ජල චක්‍රය සම්පූර්ණයෙන්ම බිඳ දමනු ලබයි. ඒ අනුව ගොඩ බිම ගංවතුර, නියගය, ලැවු ගිනිථ ඇති කරනවා මෙන්ම මුහුදු මට්ටමේ ඉහළ යෑමක්ද සිදු කිරීම අනිවාර්යයකි. සාගරය තුළද ඉමහත් හානියක් සිදු වන අතර සාගරයේ තාප තරංග සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඉහළ උෂ්ණත්වය සාගර ජීවයට හැනි කරයි.

ගෝලීය උණුසුම මැනීමේ වඩාත් පොදු මිනුම වන්නේ සාමාන්‍ය මිනිසා ජීවත් වන පෘෂ්ඨීය උෂ්ණත්වයයි.
නමුත් එල් නිනෝ සිදුවීම් වැනි ස්වාභාවික දේශගුණික සංසිද්ධිවලින් අදහස් වන්නේ මෙය වසරින් වසර වෙනස් විය හැකි බවයි.

එක්සත් ජනපදයේ මිනසෝටා හි ශාන්ත තෝමස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් ඒබ්‍රහම් සහ නව විශ්ලේෂණය පිටුපස සිටින වාශේෂඥයින්ට අනුව “සාගර විසින් සැබවින්ම පෘථිවිය උණුසුම් වන ආකාරය කියා පානු ලබයි.

“සාගරයේ තත්ත්වය තුළින් අපි දිගින් දිගටම දිගටම දකිනවා, පෘථිවියේ අඛණ්ඩ හා වේගවත් උනුසුම් අනුපාතය.මෙය දරුණු මෙන්ම අවාසනාවන්ත ආරංචියක්. ”

එක්සත් ජනපදයේ පෙන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් මෑන් ගේ අදහසද එවැනිමය ඔහුට අනුව


“2019 වසර ඉතිහාසයේ උණුසුම්ම වසර පමණක් නොව, එය මුළු මහත් දශකය තුළවැඩිම උෂ්ණත්වයක් පෙන්වූ  තනි වසරක් බව ප්‍රත්‍යක්ෂ වේ. පෘථිවියේ මිනිසා විසින් ඇති කරන ලද උණුසුම අඛණ්ඩව මෙන්ම බාධාවකින් තොරව පවතින බව සිහිපත් කරයි.

මෙම විශ්ලේෂණය ප්‍රකාහනයට පත් කරන ඇඩ්වාන්ස් ඉන් වායුගෝලීය විද්‍යා සඟරාව විසින් , පවතින සෑම ප්‍රභවයකින්ම හා මූලාශ්‍රයකින්ම සාගර දත්ත භාවිතා කරයි.

බෙහෝ දත්ත ගබා ගෙන ඇත්තේ සාගරය හරහා විසිර ඇති 3800ක් පමණ වන පාවෙන නිදහස් ප්ලාවිත ආර්ගෝ මගිනි.
එමෙන්ම අතීතයේ නැවු වලින් මුහුදට වැටුන ටර්පිඩෝ ද මේ සදහා උපකාර වී ඇත.

මෙම දත්ත යොදා ගනිමින් සිදු කළ විශ්ලේෂණයේදී පෙනී යන්නේ වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායූන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව වායුගෝලීය උෂ්ණත්වය ඉහළ දමන බවයි.

1987 වසරේ සිට 2019 දක්වා මෙහි අනුපාතය 1955 වසරේ සිට 1986 දක්වා පැවති අනුපාතයට අනුව උෂ්ණත්වයේ ඉහළ යෑම හතර ගුණයකින් වේගවත් බව ඒ අනුව සමීක්ෂණය පෙන්වා දෙයි. ඒ අනුව පෙනී යන්නේ මෙම කාල පරාසය තුළ සාගර කලාප වලින් විශාල ලෙස තාප ශක්තියේ වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවයි.

මහාචාරය ජෝන් ඒබ්‍රහන්ට අනුව මෙම වැඩිවන තාප ශක්තිය විසින් විශාල කුණාටු හා ආන්තික කාලගුණයක් ඇති කරනු ලබයි.

සාමාන්‍ය්‍ය පාරිසරික රීතිය වන්නේ ඉදිරියේදී වියළි ප්‍රදේශ දැඩි ලෙස වියළී යනු ඇති බවත් තෙත් ප්‍රදේශ තවත් තෙත් වනු ඇති බවටත් වර්ෂා සහිත පෙදෙස්වලට අධික වර්ෂාවක් ලැබෙනු ඇති බවටත් ය. නමුත් සාගර උෂ්නත්වය හේතුවෙන් මෙම පොදු පාරිසරික රීතිය වෙනස් වනු ඇත.

ඒ අනුව උණුසුම් සාගර තව තවත් පුළුල් වනු ඇති අතර අයිස් සහ ගලැසියර දියවී සාගර තව තවත් ප්‍රසාරණය වනු ඇත. ඒත් සමග මුහුදු මට්ටම ඉහළ යනු ඇත. 1900 දක්වා දිවෙන පසුගිය වසර 10 තුළ මුහුදු මට්ටම ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. විද්‍යාඥයින්ගේ අපේක්ෂාව වන්නේ මෙම සියවස අවසන් වන විට මුහුදු මට්ටම මීටරයකින් ඉහළ යනු ඇති අතර එමගින් ලොව පුරා මිලියන 150ක ජනතාවක් අවතැන් වනු ඇති බවයි.

නව සමීක්ෂණයේදී විශ්ලේෂණයට ලක් කර ඇත්තේ සාගරයේ ඉහළින්ම ඇති මීටර් 2000ක පරාසය තුළ තාපය තක්සේරු කිරීමකි. සාගරයේ වැඩි සම්පත් ප්‍රමාණයක් සහ නියැදීන් ප්‍රමාණයක් එම වපසරිය තුළ ඇති අතර බෙහෝ සාගර ජීවීන් ප්‍රමාණයක් වාසය කරන්නේද එම මීටර් 2000 වපසරිය තුළයි.

මෙම දත්ත විශ්ලේෂණ ක්‍රමය චීනයේ බීජිංහී චීන විද්‍යා ඇකඩම්යේ පර්යේෂකයන් පිරිසක් වැඩි දියුණු කර ඇති අතර ආක්ටික් වැනි කලාපයන්හී අයිස් වැස්ම හේතුවෙන් ලබා ගත නොහැකි දත්ත ලබා ගැනීමට එම ස්ථාන වල තාප මට්ටම අන්තර්ග්‍රහණය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිත කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි