×

රුසියාවට ඔලිම්පික් අහිමි වෙයි

2018 ශීත ඔලිම්පික් උළෙල සඳහා රටක් වශයෙන් තරග කිරීමේ අවස්ථාව රුසියාවට පසුගියදා නිල වශයෙන් අහිමි විය. රුසියානු ක්‍රීඩා ඉතිහාසයේ ‘අඳුරුතම දිනය’ මෙයයි.


අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් අදාළ තීරණය දැනුම් දෙනු ලැබුවේ 2014 වසරේ රුසියාවේ සොචී නුවර පැවති ශීත ඔලිම්පික් උළෙලේදී රුසියානු ඔලිම්පික් ක්‍රීඩකයන් මත්ද්‍රව්‍ය ගැනීමේ චෝදනාව පිළිබඳ මාස 17 ක් තිස්සේ පැවැත්වූ පරීක්ෂණය අවසන් කරමිනි.

එහිදී එම මත්ද්‍රව්‍ය අපවාදය සඳහා රුසියාවේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බව තහවුරු වී ඇත. එසේම එය, තම පදක්කම් සංඛ්‍යාව වැඩි කරගැනීම සඳහා ඉතාම ක්‍රමානුකූලව සහ සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බව ද ඔවුහු සඳහන් කරති.ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට රුසියාව ඉදිරියෙන් පදක්කම් 0 වශයෙන් ලියැවෙනු ඇත.

 කෙසේ නමුත් තමන් නිර්දෝෂී බව සනාථ කළ හැකි රුසියානු ක්‍රීඩකයන්ට ලබන වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම ඔලිම්පික් උළෙල සඳහා තරගවැදීමට බාධාවක් නැත. නමුත් එහිදී ඔවුන්ට තරග වැදීමට සිදුවන්නේ රුසියාවේ ජාතික ධජය යටතේ නොව, “රුසියාවෙන් පැමිණි මළල ක්‍රීඩකයෝ” යන අර්ථය දෙන ‘Olympic Athlete from Russia’ (OAR) ධජය යටතේ ය. එය ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ තීරණයකි. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට රුසියාව ඉදිරියෙන් පදක්කම් 0 වශයෙන් ලියැවෙනු ඇත. රුසියාව දැනටමත් මෙම තීරණය සඳහා සිය දැඩි කණස්සල්ල සහ අකමැත්ත ප්‍රකට කර ඇත.

ඇතැම් දේශපාලකයන් දැනටමත් කියා තිබෙන්නේ රුසියානු ක්‍රීඩකයන් විසින් ලබන පෙබරවාරි මාසයේ ආරම්භ වන මෙම ක්‍රීඩා උළෙල සම්පූර්ණයෙන්ම වර්ජනය කළ යුතුව තිබෙන බවයි. රුසියානු ඔලිම්පික් කමිටුව තාවකාලිකව තහනම් කිරීමට ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කර ඇතත්, ක්‍රීඩකයන්ව පුද්ගලික වගකීමට හසුනොකිරීම සම්බන්ධයෙන්, එනම් ක්‍රීඩකයන්ගේ නිර්දෝෂී බව සනාථ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මැදිහත් විය හැකි බව ද දැනුම් දී ඇත. මත්ද්‍රව්‍ය ගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ රුසියානු ක්‍රීඩකයන් 25 දෙනෙකුට ජීවිත කාලය සඳහාම බලපවත්වන පරිදි ඔලිම්පික් තරග තහනමක් ද මේ වන විට පනවා තිබේ. රුසියාවට ඔලිම්පික් අහිමි කළ මේ සිද්ධිය සැළකෙන්නේ රුසියානු ක්‍රීඩා ඉතිහාසයේ ‘අඳුරුතම දිනය’ වශයෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි