×

ඕමානයේ නව නායක හයිතම් බින් තරික් අල්-සයිද්!

මේ පිළිබඳ තොරතුරු සැල කර සිටියේ කටාර් පුවත් සේවයක් විසිනි. 


ඕමානයේ නව උත්තරීතර නායකවරයකු පත් කොට තිබේ.

ඒ අනුව, හයිතම් බින් තරික් අල්-සයිද් ඕමානයේ නව නායක ලෙස පත්කොට තිබේ.

ඕමානයේ නායක ධුරය හෙබවූයේ සුල්තාන් කබූස් බින් සයිද් ය.

ඔහුගේ මරණයෙන් පසු නායක ධුරයට පත්වූ හයිතම් බින් ඔහුගේ ඥාති සොයුරෙකි.

මේ පිළිබඳ තොරතුරු සැල කර සිටියේ කටාර් පුවත් සේවයක් විසිනි.

මැද පෙරදිග සහ අරාබි ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍යයක් පාලනය කළ කබූස් බින් සයිඩ් අල් සයිද් මිය යන විට 79 වන වියේ පසුවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි