ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අදින් සය වසරකට පෙර දේශසීමා අතික්රමණය කරමින් ලොව තතු එලෙසින්ම ඔබවෙත ගේනඒමේ අරමුණින් දියත් වූ අවුට්බවුන්ස් ටුඩේ අද (දෙසැම්බර් 25) සිය අභිමානවත් හයවන වර්ෂ පූර්ණය සමරයි!
සුවඳට මලක් මෙන්, මලකට ගහක් මෙන් ගසකට මුලක් මෙන් මහා විසල් පොලවක පැතිරුණු අතු පතරින් යුත් අප විවිධ ගුරුකුල ඇත්තන්, විචරකයන්, නීතිවේදීන්, විශ්ලේෂකයන්, වාර්තාකරුවන්, මෙන්ම දුහුනන් ද එකතුව මානව අයිතීන්ට මුල්තැන දෙමින් ලිබරල් දෘෂ්ටියකින් වසර හයක් තුල තුංග වනස්පතියක්ව විරාජමාන වන්නෙමු.
දේශ සීමාවෙන්, භාෂාවෙන් , වර්ණයෙන්, ආගමෙන් එපිටට ලෝකයේ දේශපාලන බල අරගල, ආර්ථික වෙනස්කම්, සමාජ මෙන්ම ආගමික ගතිකයන්, ඉන් ඔබ්බේ සංස්කෘතික කරුණු, මෙකී නොකී සියල්ල සැනින් එසැනින් ඔබ වෙත ගෙන ඒමට අපි උත්සහ දැරුවෙමු.
ගෙවුණු සය වසර තුල අප විශ්වාස කර සම සිතින් දැනුම් පිපාසිතව අප හා පැමිණි ඔබට අවුට්බවුන්ඩ්ටුඩේ ගෞරවනීය වූ ප්රණාමය පුද කරමු.
අද මෙන්ම හෙටත් සීමා මායිම් අපව වෙන් කළ ද බලාපොරොත්තු අපව එක්කරන බව විශ්වාස කරමු. ඉදින්, ලෝකය තනි යායක් වන තැන එන්න අපත් සමග රොද බඳින්න.