×

අසියා බිබී පාකිස්ථානයෙන් පළා යයි.

මරණ දණ්ඩනයෙන් දඬුවම් විඳිය හැකි දේවාපහාස චෝදනාවෙන් නිදොස් වූ පාකිස්ථානයේ අසියා බිබී පාකිස්ථානයෙන් සුරක්ෂිතව පළා ගිය බව තහවුරු වේ.


පාකිස්ථාන ක්‍රිස්තියානි කාන්තාවක වූ ඇය, වසර 8 ක් මරණ දණ්ඩනය බලාපොරොත්තුවෙන් සිරගෙදර සිටි අතර, නඩු විභාගයේදී ඇගේ නිර්දෝෂී බව ඔප්පු වුවද, පාකිස්ථානය පුරා පැතිර ගිය ආගම්වාදී උද්ඝෝෂණවලින් කියැවුණේ නඩුවෙන් නිදහස් වුවත් ඇය වහාම මරා දැමිය යුතු බව ය. Pakistan blasphemy case: Asia Bibi freed from prison

EPA

EPA

කෙසේ නමුත් මේ වන විට මුල්තාන් සිරගෙදරින් නිදහස් වූ ඇය, ගුවන් යානයක නැගී සාර්ථක ලෙස පාකිස්ථානයෙන් පළා යාමට සමත් වූ බව බීබීසී පුවත්සේවය වාර්තා කරයි.

ඇගේ නීතීඥවරයා වන සයිෆ් උල් මලූක් (Saif ul Malook) එම ගුවන් යානයේ ගමනාන්තය කුමක්දැයි හෙළි නොකර සිටීමට ද ප්‍රවේශම් විය. ඔහු පැවසුවේ ‘නොදන්නා ගමනාන්තයක්‘ වෙත ගුවන් යානය ගමන් කරන බව ය.

මෙයට පෙර අසියා බිබීගේ සැමියා ප්‍රකාශ කර තිබුණේ සිය පවුලට බරපතළ මරණ තර්ජන එල්ල වෙමින් තිබෙන බව ය. එනිසා ඔහු එක්සත් රාජධානිය, ඇමරිකාව හෝ කැනඩාව තුළ දේශපාලන රැකවරණය පතා තිබිණි.

මේ අතර රටවල් ගණනාවක්ම ඇයට දේශපාලන රැකවරණය ලබාදීමට ද කැමැත්ත පළ කර තිබිණි.

කෙසේ නමුත් මේ අතර පාකිස්ථාන ආණ්ඩුව පවසා තිබුණේ ඇයට රටින් පිටවීමට ඉඩ නොදෙන බවයි. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තමන් විසින් සකස් කරමින් සිටින බව ද මීට පෙර කියැවී තිබිණි.

අසියා බිබී නොහොත් අසියා නොරීන් (Asia Noreen) නමැති මෙම කාන්තාව 2010 වසරේදී සිරගත කෙරුණේ සිය අසල්වැසියන් සමග ඇතිවූ දබරයකදී මොහොම්මද් තුමාට අපහාස කළ බවට චෝදනා නගමිනි.

පාකිස්ථානය තුළ ‘බ්ලස්ෆෙමි‘ හෙවත් දේවාපහාසය‘ මරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.

අසියා බිබී පිළිබඳ පෙර පළ වූ ලිපි මෙතැනින්-

දෙවියන් ඉදිරියේ නිර්දෝෂී වුවත් මිනිසුන් ඉදිරියේ තැලුම් කන ගැහැනියක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි