×

පකිස්තාන හිටපු ක්‍රිකට් විනිසුරු ආසාද් රවුෆ් අභාවප්‍රාප්ත වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල විනිසුරුවරයෙකු වූ පකිස්තානු ජාතික අසාද් රවුෆ් මියගොස් තිබෙනවා.


අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල විනිසුරුවරයෙකු වූ පකිස්තානු ජාතික අසාද් රවුෆ් මියගොස් තිබෙනවා. 66 හැවිරිදි වියේ පසු වූ රවුෆ් හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එලයිට් පැනලයද නියෝජනය කළ රවුෆ් ටෙස්ට් තරග 64 ක්, එක්දින තරග 139 ක් හා 20/20 ජාත්‍යන්තර තරග 28 ක් සඳහා විනිසුරුවරයෙකු ලෙස එක්විය.

විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කිරීමට පෙර පකිස්තානයේ පළමු පෙළ තරග ක්‍රීඩා කළ රවුෆ් තරග 71 කදී මැදපෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

2013 වසරේදී ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ විනිශ්චය කටයුතුවලන නිරතව සිටියදී රවුෆ්ට තරග පාවාදීමේ චෝදනා එල්ල වූ අතර මෙම චෝදනා හේතුවෙන් තරග විනිශ්චයෙන් ඉවත්වීමට ඔහුට සිදුවිය.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි