පාකිස්ථානයේ ගඩොල් පෝරණු ගැන දකුණූ ආසියානු රටවල් ඉහළින්ම කථා වන්නකි. ගඩොල් පෝරණු 20000කට වඩා පිහිටා ඇති පාකිස්ථානයේ ග්‍රාමීය ජීවිත බොහොමයක කුස ගින්න නිවෙන්නේ මේ ගඩොල් පෝරණූ වල දිය වූ දහඩියට ලැබෙන සොච්චමෙනි.
පාකිස්ථානය පුරා ගඩොල් පෝරණු වල සේවය කරන පුද්ගලයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 4.5කි. මාළිගා තනන්නට ගඩොල් කපන්නන්ගේ ජීවිත සදාකාලිකව ගෙවෙන්නේ පැල්පත් තුළයි.
යස්මින් පාකිස්තානයේ මිලියන 4.5ක් වූ ගඩොල් පුළුස්සන්නන් අතරේ තවත් එක් කාන්තාවකි
ඇගේ කතාව රට පුරා පෝරණුවල වැඩ කරන මිලියන ගණනක ජනතාවට වඩා වෙනස් නොවේ. අති දුෂ්කර මෙන්ම රළු දුහුවිලි අතරේ ගඩොල් සාදන කම්කරුවෙකු ලෙස සේවය කරන අතරතුර ඇය නිමක් නොමැති ණය බරින් මිරිකී සිටින්නීය.
මීට වසරකට පෙර නැගෙනහිර පාකිස්තානයේ එනම් ලාහෝර් නගරයට කිලෝමීටර් 20 ක් (සැතපුම් 12 ක්) දුරින් පිහිටි ගඩොල් පෝරණුවක යස්මින් රැකියාව සදහා යන්නීය. ඇය මෙන්ම ගඩොල් පෝරණුවේ වැඩට එන සෑම අයෙක් විසින්ම පෝරණු හිමි කරු සමග ගිවිසුමක් අත්සන් කළ යුතු වේ. ඒ අනුව ගිවිසුමක් ගසා යස්මින්ද පෝරණූවේ වැඩ ආරම්භ කළාය. ගිවිසුමට අනුව ඇයට දිනකට ගඩොල් 1,000 ක් නිෂ්පාදනය කළ යුතු අතර ඒ සඳහා ඇයට රුපියල් 960 ක් (දළ වශයෙන් ඩොලර් 6 ක්) ලැබේ.
ගඩොල් පෝරණූවක වැඩට යෑම යස්මින් සේම අන් කිසිවෙකුත් සිහිනෙන්වත් බලාපොරොත්තු වූ රැකියාව නොවන්නේය.. පවුලේ උදවියගේ දරා ග ත නොහැකි කුසගින්න..ස්වාමිපුරුෂයාගේ අසනීප තත්වය, ඖෂධ සඳහා මුදල්, මරණ, දරුවන් ගේ විය හිය දම්, අපේක්ෂා භංගත්වය, ගෘහ වියදම් සහ වෙනත් ගැටළු නිසා මට මෙම මාර්ගයට යාමට බල කෙරුනි” සිව් හැවිරිදි මවක් වන යස්මින් එසේ පවසන්නීය.
“මම දැන් අවුරුදු තිස්සේ මේ ආකාරයට වැඩ කරමින් කරනවා. මා අසනීප වී හෝ ගැබ් ගත් අවස්ථා වල රැකියාව කිරීමට නොහැකි වුවහොත් මම ඒ දින ආවරණය කිරීම සදහා වැඩි පුර දින වැටුපක් නොමැතිව සේවය කළ යුතුයි. මම තවත් රුපියල් 500 ක් (ඩොලර් 3.1) ණයට ගත්තොත්, ආපසු රුපියල් 1,000 කට සරිලන ලෙස වැඩ කරන්නෝනි.ඇය පවසන්නීය..
ගඩොල් සෑදීම සඳහා පස ජලය සමග මිශ්‍ර කර මැටි ගුලියක සේ අනා ගඩොල් හැඩැති අච්චු වලට දමනු ලැබේ. එළිමහනේ වියළී ගිය පසු ඒවා පෝරණුවල පුලුස්සනු ලබන අතර උෂ්ණත්වය 1100C (2012 F) දක්වා ළඟා වේ.
පෝරණුවල ගල් අඟුරු ඉන්ධන ලෙස භාවිතා කරන අතර, වැඩ කරන හා පෝරණුවල ජීවත් වන අය විසින් ආශ්වාස කරන්නේ කළු දුමාරයයි.
පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම විසින් අනාවරණය කරන පරිදි මෙම ගඩොල් පෝරණුවල සේවය කරන ළමුන් අතර ඉහළ මරණ අනුපාතයක් වාර්තා වන්නේය. මීට අමතරව, ගඩොල් පෝරණුවල ජීවත් වන සෑම පවුල් 20කින් එක් අයෙකු ඇස් පෙනීම අහිමි වූ දරුවෙකි.
කිසියම්ම හෝ හේතුවකට පෝරණුව අත්හැර යන්නට දෙමව්පියන් ට සිදු වූ විට පෝරණු හිමිකරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගන්නේ දරුවන්ය.
වසරින් වසර තමන් ලබා ගත් ණයට පොළිය එක් වත්ම ඔවුන් තව තවත් අසරණ වන්නේය. Bonded Labor නම් කෘතිය රචනා කරමින් සිද්ධාර්ත් කාරා ගඩෝල් සාදන්නන්ගේ ජීවිත වල කටුක යථාර්ථය පෙන්වා දෙයි
කාරාට අනුව ඇතැමෙකුගේ ණය ආපසු ගෙවීම සඳහා පවුලේ සාමාජිකයන් බලහත්කාරයෙන් විකුණනු පොරණූ හිමිකරුවන් වෙත විකුණා දමයි. , තවත් සමහරු සිය දිවි නසා ගනී” එමෙන්ම සිය වකුගඩු විකුණා සිය සියළු ණය නැවත ගෙවා දමන්නට තැත් කළ කම්කරුවන් ගැනද නිතර වාර්ථා වී තිබිණ.
මෙම ගඩොල් පෝරණුවලින් බහුතරයක් පිහිටා ඇත්තේ පාකිස්ථානයේ ග්‍රාමීය ප්‍රදේශවල වන අතර ඒවා බාහිර සමාජයේ දෑස්වලට නොපෙනෙන මානයේ පිහිටා ඇත.
මෙම ගඩොල් පෝරණු වල සේවය කරන කම්කරුවන් ගේ ජීවිත සෞඛ්‍ය තත්ත්වයද ඉතා දුක්ඛිතව පස මිශ්‍ර කිරීම සඳහා ඔවුන් භාවිතා කරන ජලය නිසා ඔවුන්ට සමේ රෝග වැළදෙන අතර ගඩොල් සෑදීමේ ක්‍රියාවලියේදී කළු දුමාරයෙන් ඇතිවන අන්තරායකර දුම ඇදුම හා වෙනත් රෝග ඇති කරන අතර ක්ෂය රෝගය වැළඳීමේ අවදානමද වැඩිය.
පෝරණු ආශ්‍රිතව පවුල් පිටින් ජීවත් වන මෙම කම්කරු වන් අතරේ කාන්තාවන්ට මුහුණූ දෙන්නට සිදුවන ගැටළු අධිකය.. පෝරණු හිමිකරුවන් ගේ ග්‍රහණයට හසුවන ඔවුන්ට ඉන් ගැලවීමක්නම් නැත.
පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම පවසන්නේ “මෙම ගඩොල් පෝරණුවලින් වැඩි ප්‍රමාණයක හිමි කරුවන් වන්නේ බලවත් දේශපාලකයන් සහ ඔවුන් නෑදෑයින් බවයි.
පලායෑමට හෝ නිදහස් වීමට සමත් වූ සමහර කම්කරුවන් බලහත්කාරයෙන් අයිතිකරුවන් විසින් නැවත පෝරණුව වෙත ගෙන යනු ලැබේ. ඔවුන්ට ආරක්ෂාවක් නොමැති අතර බොහෝ විට ඔවුන් ආපසු පැමිණි පසු දැඩි කොන්දේසි වලට මුහුණ දෙන්නටද සිදු වේ ඉන් නොනැවතී ඔව්න්ගේ ණය සඳහා තවත් විශාල දඩ මුදලක් එවිට එකතු වේ.
එපමණක්ද නොව ගිවිසුම් අත්සන් කළද පීඩන විද ගත නොහැකිව පැන ගිය සේවකයන් හට සිය දියණියන් ඔහු සැඟවී සිටි දින සඳහා “ගෙවීමක්” ලෙස බලහත්කාරයෙන් පොරණූ හිමිකරුට විවාහ කර දුන් හෝ විකුණා දැමූ අවස්ථා ද තිබේ.
“සමහර වෙලාවට අපි වියළි පාන් කනවා, සමහර වෙලාවට අපි බඩගින්නේ නිදාගන්නවා. මොකද ඊළඟ දවසේ අපි ආපහු වැඩට එන්න වෙනවා. අපිට වෙන විකල්පයක් නැහැ.” ඒ ඔවුන්ගේ දුක් බර වදන්..
Faras Ghani අල් ජසීරා පුවත් පතට රචනා කළ The spiralling debt trapping Pakistan’s brick kiln workers ලිපිය ආශ්‍රිතවය.