×

පන්ජාබ්හි සිංහයා නැවත පැමිණේ; පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් නැවතත් දේශපාලනයට

දෙවියන් වහන්සේ ඔහුට නැවත පැමිණ දේවල් ආපසු හැරවීමට අවස්ථාවක් ලබා දී ඇත.


පකිස්ථානයේ තෙවරක් අගමැති ධුරයට පත් පකිස්ථානයේ දීර්ඝතම අගමැති ලෙස හඳුන්වන නවාස් ෂරීෆ් වසර හතරක ස්වයං පිටුවහලෙන් පසු අද(21)දින නැවත පාකිස්ථානයවෙත පැමිණි බව වාර්තා වේ.

නවාස් ෂරිෆ් සිය නිවසට පැමිණීමේ රැලිය පැවැත්වීමට නියමිත ලාහෝරයේ ග්‍රේටර් ඉක්බාල් උද්‍යානයේ ජනකාය පාලනය කිරීම සඳහා 7,000 කට අධික පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර ඔහු පිළිගැනීමට පැමිණි පාක්ෂිකයන් කියා තිබුණේ, දෙවියන් වහන්සේ ඔහුට නැවත පැමිණ දේවල් ආපසු හැරවීමට අවස්ථාවක් ලබා දී ඇති බවත්, ඔහු එය කලින් කළ බවත්ය.

ෂරීෆ් තෙවරක් අගමැති වී ඇති නමුත් 2017 දී බලයෙන් පහ කරන ලද අතර දූෂණයට වරදකරු වීමෙන් පසු වසර පහක කාලයක් සඳහා මැතිවරණවලට තරඟ කිරීමට නුසුදුස්සෙකු බවට පත් විය. ඉම්රාන් ඛාන් අගමැති ධුරය හොබවමින් සිටියදී සිය ධුරයේ බලය අනිසි ලෙස භාවිතා කරමින් භාණ්ඩ විකිණීම අඩිය හේතුවෙන් දේශපාලන තනතුරු දැරීමට නුසුදුස්සෙකු බවට පත් වීමත්, හමුදා බලය දැඩි පාකිස්ථානයට ෂරිෆ්ගේ පැමිණීම පිළිබඳව දේශපාලන විශ්ලේෂක අයේෂා සිද්දිකා ප්‍රකාශ කර තිබුණේ, දැනටමත් ජනප්‍රියව සිටින ඉම්රාන් ඛාන් වෙනුවට තමා සහ ඔහුගේ පක්ෂය ඉතාපිත කර ගැනීමත් දෙවනුව රටේ ආර්ථිකය නියම මඟට ගෙන ඒමත් ෂරිෆ්ට මුහුණ දීමට ඇති අභියෝග බවයි.

මේ වන විට පකිස්ථානය භාරකාර රජයක් විසින් මෙහෙයවන අතර එළඹෙන ජනවාරියේ මැතිවරණය පැවැත්වීමට නියමිත වේ.ෂරිෆ් පාකිස්තානයේ ව්‍යාපාරිකයෙක් සහ දේශපාලනඥයෙක් වන අතර පකිස්ථානයේ මැතිවරණ කොමිසමට අනුව, නවාස් පකිස්ථානයේ ධනවත්ම මිනිසුන්ගෙන් කෙනෙකි. ඔහුගේ ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 31 ට සමාන බවට සැලකේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි