පසුගිය ඔක්තෝබර් 01වන දා ලේඛනගත නොකළ ඇෆ්ගන් සරණාගතයින් සහ සංක්‍රමණිකයන්, සිය රටින් නෙරපා හරින බවට පාකිස්ථානු රජය නිවේදනය කිරීමත් සමඟ, ඊට එරෙහිව ඇෆ්ගන් ජාතිකයන් පිටුවහල් කිරීම ඔවුන්ගේ ජිවිතයන්ට තර්ජනයක් බව ප්‍රකාශ කරමින් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද පෙත්සම එළැබෙන සතියේ විභාගයට ගැනීමට සුදානම් බව වාර්තා වේ.
පාකිස්ථානු රජය පාකිස්ථාන විරෝධී සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය සපයන බවට කාබුල් සමඟ ඇති වූ ආරවුලක් මධ්‍යයේ මෙම තීරණය ප්‍රකාශයට පත් කළ අතර ඉන් අනතුරුව ඇෆ්ගන් ජාතිකයන් 370,000 කට වැඩි පිරිසක් පාකිස්තානයෙන් පලා ගොස් තිබේ.
පාකිස්ථානය දිගු කලක් තිස්සේ මිලියන 1.7 ක් පමණ ඇෆ්ගන් වැසියන්ට සත්කාරකත්වය ලබා දී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් 1979-1989 සෝවියට් ආක්‍රමණය අතරතුර පැමිණ ඇති අතර තවත් මිලියන භාගයකට වැඩි ජනතාවක් 2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය හා නේටෝව ඉවත් කර ගැනීමේ අවසන් සතිවලදී තලේබාන් සංවිධානය බලය අල්ලා ගත් පසු රට හැර පාකිස්ථානයේ ආරක්ෂාව පතා පැමිණ ඇත.
සශිකලා මධුෂාණි