×

බ්‍රිතාන්‍යයේ සිටි එකම යෝධ පැන්ඩා වෘෂණ කෝෂ ඉවත් කිරීමේ සැත්කමකට

මහා බ්‍රිතාන්‍යයේ සිටි එකම යෝධ පැන්ඩා වෘෂණ කෝෂ ඉවත් කිරීමේ සැත්කමකට ලක් කළ බව එඩින්බර්ග් සත්වෝද්‍යානය පවසයි.


වෘෂණ කෝෂවල පිළිකා ගැටිති මතුවීම හේතුවෙන් මෙසේ කළ බවත්, සත්වයා සුවය ලබමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති.

යැග්න් ගුයැන්ග් (Yang Guang) නමැති මේ යෝධ පැන්ඩා, 2011 වසරේ චීනයේ සිට පැමිණියේ ඔහුගේ සහකාරිය වන ටියැන් ටියැන් (Tian Tian) ද සමග ය.

ටියැන් ටියැන්

ටියැන් ටියැන්

ඔවුන් ගෙන ඒමේ අරමුණ, බ්‍රිතාන්‍යය තුළ පැන්ඩාවුන් අභිජනනය කිරීම වුවත්, අවසානයේ සිදුවූයේ මේ වසර මුලදී එම අභිජනන වැඩසටහන නවතා දමන්නට ය.

කෙසේ නමුත් එම වැඩසටහන නවතාදැමීමට හේතුව, පැන්ඩා මේ අන්දමින් රෝගී වීම නොවන බවත් සත්වෝද්‍යාන බලධාරීහු පවසති.

ඔවුන් පවසන්නේ පැන්ඩාවුන් අභිජනනය කිරීම සඳහා ඔවුන් ජීවත් වන පරිසරය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වී ඇති බවයි.

ඒ සඳහා චීනයෙන් නැවත පැන්ඩාවුන් ගෙන ඒමට සිදුවනු ඇතැයි ද ඔවුහු පවසති.

පැන්ඩා බලාපොරොත්තු

එසේම පැන්ඩාවුන් අභිජනනය කිරීමේ මතු බලාපොරොත්තු අතහැර ගන්නට බ්‍රිතාන්‍යය කැමති නැත. ඉදිරියේදී විශේෂඥ සහාය ලබාගෙන හෝ පැන්ඩාවුන් බ්‍රිතාන්‍යය තුළම අභිජනනය කරගැනීම හෙවත්, පැන්ඩා දරුවන් එංගලන්තයේදී උපද්දවා ගැනීමට තමන් කටයුතු කරන බව ඔවුහු කියති.

යැන්ග් ගුයැන්ග් සහ ටියැන් ටියැන් එංගලන්තයේ සිටින්නේ දස අවුරුදු කොන්ත්‍රාත්තුවකට ය. ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය විසින් චීනයට වසරකට පවුම් ලක්ෂ 6 ක් ද ගෙවනු ලබයි.

එහිදී චීනයෙන් ගෙන ආ මේ පැන්ඩා යුවළට පැන්ඩා දරුවන් ඉපදිණි නම් ඔවුන්ව වසර 2 ක් එංගලන්තයේ තබාගෙන අනතුරුව චීනයට යැවීමටත් ගිවිසගෙන තිබිණි.

පැන්ඩාවුන් යුවළ එඩින්බර්ග් සත්වෝද්‍යානයට ගෙන ආ 2011 වසරේ එහි පැමිණෙන නරඹන්න්ගේ සංඛ්‍යාව 50%කින් ඉහළ ගියේය.

ඔවුන් එංගලන්තයේ සිටින කාලය තුළ එනම් වසර 10 ක් සඳහා ඔවුන් විසින් සත්වෝද්‍යානය වෙත පවුම් මිලියන 19 ක අමතර ආදායමක් රැගෙන එන බවට ගණන් බලා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි