×

දින 21 කට වසා දැමුණු ඉන්දියාවේ බිලියන1.3 ජනතාවක් මහ රෑ වෙළද සැල් පීරයි

ඉදිරි දින 21 සදහා අවශ්‍ය ආහාර සදහා භාණ්ඩ මිලදී ගැනීමට තමන්ට නොහැකි වනු ඇතැයි යන භීතියෙන් යුතුව ඉන්දියාවේ මාර්ග වැසෙන්නට ජනතාව රැස්වී අතර ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ මිලදී ගැනීම සදහා ඔවුන් ඉතා නොසැලකිලිමත් ලෙස හා කලහකාරී ලෙස හැසිරුණ බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි.


කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ අන් රටවලට වඩා වැඩි අවධානමකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි අපේක්ෂාවෙන් ඉන්දියාන දින 21ක් සදහා සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට රජය තීරණය කරන ලදී,

ඒ අනුව ඊයේ රාත්‍රියේ එරට බිලියන 1.3ක් වී ජනතාවට නියෝග කෙරුණේ සියල්ලන්ම නිවසට වී සිටින ලෙසත් රෝග පාලනය සදහා සහය ලබා දෙන ලෙසත්ය.

මේත් සමග ඉදිරි දින 21 සදහා අවශ්‍ය ආහාර සදහා භාණ්ඩ මිලදී ගැනීමට තමන්ට නොහැකි වනු ඇතැයි යන භීතියෙන් යුතුව ඉන්දියාවේ මාර්ග වැසෙන්නට ජනතාව රැස්වී අතර ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ මිලදී ගැනීම සදහා ඔවුන් ඉතා නොසැලකිලිමත් ලෙස හා කලහකාරී ලෙස හැසිරුණ බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි.

India today වෙබ් අඩවිය සදහන් කරන්නේ මධ්‍යම රාත්‍රියේ ඉන්දියා ව සම්පූර්ණයෙන්ම වසා දමන බව රූපවාහිනිය ඔස්සේ අගමැතිවරයා විසින් නිවේදනය කර අවසන් වන්නටත් පෙර ජනතාව වෙළද සැල් කරා ගොස් තිබූ බවයි. ඒ අනුව අගමැතිවරයා නිවේදනයේදී ඉල්ලා සිටිපරිදි සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම හා ආරක්ෂණ ක්‍රියා මාර්ග පිළිබද අදහස් සම්පූර්ණයෙන්ම අමතක කරමින් ඔවුන් කටයුතු කළ බව මාධ්‍ය වාර්ථා කරයි. මධ්‍යම රාත්‍රී 12න් පසු රට සම්පූර්ණයෙන්ම වසා දැමෙන බව අගමැතිවරයා නිවේදනය කලේ රාත්‍රී 8 ට වන අතර එතැන් පටන් ජනතාව මහ මගට බැසි අවශ්‍ය බඩු භාණ්ඩ මිලිදී ගැනීමට උත්සුක වී ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයා ජනතාව ඉදිරියේ පොරොන්දු වූයේ නිවෙස් වලටම වී රැදී සිටින ජනතාව වෙත රජය මගින් අත්‍යවශ්‍ය සේවා සපයා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි. ජනතාවගේ මෙම හැසිරීමත් සමග  අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙලෙස භීතියට පත්ව භාණ්ඩ මිලදී ගැනීමට උත්සහා කිරීම කිසිසේත් අවශ්‍ය නැති බවත් සියල්ලන්ම එක්වී මෙම කොවිඩ් 19 වසංගතය ජයගත හැකි බවත්ය.

ලොව වැඩිම ජනගහණයක් සිටින ප්‍රජාතන්ත්‍රික රාජ්‍ය ලෙස ඉන්දියාව කොරෝනා වසංගතයට මුහුණ දීම සදහා මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධව අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ එසේ නොකළහොත් සිය රාජ්‍ය වසර 21 සදහා ආපස්සට යනු ඇති බවයි. කෙසේ වුවත් ඉන්දියාව යනු

1- සියයට 85%- 95% අතර බහුතරයක් ජනතාව පොදු ප්‍රවාහන සේවය විශේෂයෙන් දුම්රිය භාවිත කිරීම

2-බහුතරයක් දෙනා සිය දෛනික ක්‍රියාවලියේ අංගයක් ලෙස ආගමික වැඩ සටහන් සහ ඒ හා සම්බන්ධ සංස්කෘතික වැඩ සටහන් සදහා සහභාගී වීමත්

3-බහුතරයක් දෙනා විස්තෘත පවුල් ක්‍රමයට joint families ජීවත් වීම

යන හේතූන් පිළිබදව විශෞෂයෙන් අවධානය යොමු කරමින් ඉන්දීය රජය මෙම තීරණය සදහා එළැඹ තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි