×

ට්‍රම්ප් එපා වී පෙන්ටගනයේ කාර්ය මණ්ඩල ප්‍රධානියාත් ඉල්ලා අස්වේ.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ කාර්ය මණ්ඩල ප්‍රධානී කෙවින් ස්වීනි ඉල්ලා අස් වී ඇත.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු හමුදාව සිරියාවෙන් ඉවත් කර ගැනීමට තීරණය කිරීමත් සමග ඉල්ලා අස්වූ 3 වැනි ආරක්ෂක ප්‍රධානියා බවට මේ අනුව ඔහු පත් වේ.

මේ සිදුවීම මුල්කරගෙනම ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වුණේ මෙයට මාසයකට පෙර ය.

රියර් අද්මිරාල් කෙවින් ස්වීනි සිය ඉල්ලා අස්වීමට හේතු දක්වමින් කියා තිබෙන්නේ ‘පුද්ගලික අංශයට ආපසු යාමට හරි වෙලාව පැමිණ  ඇති‘ බවයි.

එසේම සිය ඉල්ලා අස්වීමේ ලිපියේ, තමන්ගේ සගයන් හා දෙපාර්තමේන්තුව සමග කටයුතු කිරීම තමන් ලද ගෞරවයක් යැයි කෙවින් සඳහන් කරයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන එක් වචනයක් හෝ ඔහු එහි සඳහන් නොකරයි.

2017 ජනවාරි මාසයේ පටන් ඔහු මෙම ධුරය දැරුවේය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ඉල්ලා අස්වූ දෙවැනියා වන්නේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ/ පෙන්ටගනයේ ප්‍රකාශිකා ඩැනා වයිට් ය.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිරියාවෙන් ඇමරිකානු හමුදාව ඉවත් කර ගන්නා කාලවකවානුවක් ගැන සඳහනක් කර නැතත්, බොහෝ අය පවසන්නේ, එය ට්‍රම්ප්ගේ අත්තනෝමතික සහ දුර දිග නොබලන ගතිය ප්‍රකට වූ භයානක අවස්ථාවක් ලෙස ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි