×

තායිවාන භූ කම්පනයෙන් නොකියාම ගිය මිනිසුන්!

ඉන් වැඩි පිරිසක් තායිවාන ජාතික වනෝද්‍යානයේ හෝටල් සේවකයන් බව ද වැඩිදුරටත් වාර්තා වේ.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉකුත්දා තායිවානයේ නැඟෙනහිර පළාතේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 690 දෙනකු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

තායිවාන ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කර තිබෙන්නේ, වසර 25කට පසු එරට රිච්ටර් මාපකයේ 7.4ක අගයක් සටහන් කළ දරුණුතම භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයන් දස දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, පුද්ගලයන් 1050ක් තුවාල ලබා ඇතැයි ද තහවුරු වුවද, තවත් පුද්ගලයන් 690 දෙනකු අතුරුදන් වූ බවට හෝ සුන්බුන් අතර සිර වී සිටින බවට අනුමාන කරන බවයි.

ඉන් වැඩි පිරිසක් තායිවාන ජාතික වනෝද්‍යානයේ හෝටල් සේවකයන් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

අමෙරිකානු භූ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ඊයේ දිනය වන විට තවත් අතුරු කම්පන 40ක් පමණ තායිවානය කේන්ද්‍ර කරමින් සිදු වී ඇත.

ඉන් එක් භූ කම්පනයක් රිච්ටර් මාපකයේ 6.4ක අගයක් සටහන් කර ඇතැයි ද වාර්තා වන බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි