×

චර්නොබිල් හැර නොගිය මිනිස්සු.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එළි දැක් වූ වාර්ථාවට අනුව මෙම අනතුර නිසා මියගිය සංඛ්‍යාව 4000 කට ආසන්න ය


චර්නොබිල් … ඒ නම ඇසෙද්දී තවමත් අපට දැනෙන්නේ බිය ජනක හැඟීමකි. සමීපව විඳ ගත් අත්දැකීමක් නොවුනද 1986 අපේ‍්‍රල් මස 26වන දින චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා ගියේය. එය පිහිටා තිබූ ප‍්‍රිප්යැට් නගරයෙන් ජනතාව පිපිරීමට පසු දින සිට පසුදින සිය නගරය හැරයෑම ඇරඹූ අතර තම නිවෙස් හැරයන්නේ සදහටම බව ඔවුහු නොදත්හ .50000ක් දෙනා පැය 3ක් තුළ නගරයෙන් ඉවත් වූහ. ඉන් අනතුරුව එළඹි මාස 7 තුළ බලාගාරයෙන් විකිරණ කාන්දු වීම නැවැත්වීම සඳහා දැවැන්ත පරිශ‍්‍රමයක් යෙදවිණි.


කෙසේවෙතත් ඒ කටයුතු වලට සම්බන්ධවූ සේවකයන් බොහෝ දෙනෙක් විකිරණ ශරීරගතවීමෙන් මියගිය අතර විශාල පිරිසක් ජීවිත කාලය තුළම බරපතල රෝගාබාධ වලට ලක්වූහ. යුක්රේනය, බෙලාරුස් සහ රුසියාව යන රටවල් දැඩි ලෙස විකිරණ කාන්දුවට ලක්විය. එහි බලපෑම වසර 28කට පසුවත් තයිරොයිඞ් පිළිකා සුලභ වීමෙන් දැකගත හැකිව පවතී. ඒ වටා සිටි මිනිසුන් පමණක් නොව සිවුපා සතුන්ද බරපතල ලෙස අනතුරට පත් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එළි දැක් වූ වාර්ථාවට අනුව මෙම අනතුර නිසා මියගිය සංඛ්‍යාව 4000 කට ආසන්න ය එසේ වුවත් ග්‍රීන් පීස්‌ සංවිධානය ප්‍රකාශයට පත් කළ වාර්තාවක සඳහන් කර තිබෙන්නේ මෙම අනතුර නිසා ලක්‍ෂ 2 ක පමණ පිරිසක්‌ මියගිය බවයි. රුසියානු සංඛ්‍යාලේඛන වල එය සඳහන් වූයේ 1986 සිට 2004 දක්‌වා මෙම අනතුර නිසා 9,85,000 ක පිරිසක්‌ මියගිය බවයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ චර්නොබිල් අනතුර නිසා මානසික රෝග තත්ත්වයන් නිසා පීඩා විදින්නන් අදටද වෙයි.

එතරම් විශාල විනාශ කාරී ඉතිහාසයක් උරුම කළ චර්නොබිල් බලාගාරයේ පිපිරීම හේතුවෙන් වර්ග කිලෝමීටර් 4,000 කට වැඩි ප්‍රදේශයක් අත් හැර දමනු ලැබීය.

එම අතහැර දැමූ භූමියේ මිනිසෙකු තියා ඇති දැඩි වූ සතුන්ටද උරුම වූයේ එකම ඉරණමය. නමුත් මේ මොහෝත වන තෙක්ම මෙම භූමිය නැවත කුමන හෝ දෙයකට යොදා ගැනීම පිළිබව නැවත නැවතත් සිතන්නෝද වූහ.
ඒ අනුව අද චර්නොබිල් සංචාරකයින්ගේ අවධානය දිනා ගත් ප්‍රදේශයක් වී ඇත.

ලන්ඩනය මෙන් දෙගුණය විශාල මේ භූමි ප්‍රදේශයෙහි තවමත් ජීවිත ගත කරන්නන්ද නැත්තේම නොවේ. විකිරණ ශීලී වට පිටාවෙන් පීඩා වන බව දැන දැනම ඔවුහු අතහැර දැමූ ප්‍රදේශයට නුදුරින් ඒ වටා සිය නිවෙස්න තනා ගනිමින් සිටී,

ඇතැමුන් පවසන්නේ අප මේ භූමිය හැර වෙන කොහේවත් නොයන බවය. තමන් ගේ තනියට තවත් ප්‍රද්ගලයන් වෙත එහි එන්නැයි යෝජනා කරන ඔවුන් තමන් තවමත් නිරුපද්‍රිතව ජීවත් වන බවට පිටස්තර ලෝකය ඉදිරියේ සාක්ෂි සපයමින් සිටී, වෘතයින් , දිවියන් අශ්වයින් ආදී සතුන් චර්නොබිල් අවට දිවි ගෙවන්නන්ගේ මිතුරන් බවටද පත් වී ඇත‍

කෙසේ වෙතත් අද වන විට සංචරක කලාපයක් බවට පත්ව ඇති චර්නොබිල් දකින්නට යන්නන්ට තවමත් සිතෙන්නේ එය පාළුවට ගිය දුක්බර නගරය් ලෙස වුවත් ප්‍රිප්යැටි නගරයට නොදුරින් ජීවත් වන අතලෝස්ක් නගර වාසීන් ඒ පාළුව මකමින් සිටී.

පිපිරීමෙන් විනාශයට පත් බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකයේ අවශේෂ කොටස් වසා දැමීම සඳහා යෝධ ආවරණයක් යෙදීමේ කටයුතු 2016 වසරේදී ආරම්භ කරන ලද අතර එය ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් කොටි 160 ක් වැය කරන ලදී. කොන්ක්‍රීට් සහ ලෝහයෙන් තනන ලද ආරක්කු හැඩති යෝධ ආවරණය පළලින් මීටර 275 ක් වන අතර උසින් මීටර 108 යුක්ත වූවක් විය.

නමුත් එවැන්නකින් එහි විකිරණ ශීලී බලපෑම අඩු වූවා යැයි තහවුරු කළ නොහැකි වූ අතර දිගින් දගිටම කියා සිටියේ නගරයෙන් සැතපුම් ගණනාවක් දුරින් හෝ මිනිස් වාසයක් තනා ගැනීම නොකළ යුතු බවටයි.

නමුත් ප්‍රිප්යැට් නගරය වටා තවමත් දිවි ගෙවන පිරිසට එම උපදෙස් වලට වඩා තමන් මෙහි සුරක්ෂිතය යන විශ්වාසව තහවුරු වී ඇත. ඒනිසාම තවමත් ඔවුහු මෙහි දිවි ගෙවති. ඔවුන් පවසන්නේ තමන් චර්නොබිල් අනතුර සිදු වූ පළාතෙහි තමන් ජීවත් වන බව අමතක කර ඇති බවයි. ඔවුන්ගෙන් හරී අඩක් සිටින්නේ විරැකියාවෙනි. මන්ද ඔවුන්ට රැකියාවක් සොයා ගැනීම සිතන තරම් පහසු නැත. තමන් මෙහි සිට ආවා යැයි කී විට ඔවුන්ට රැකියා සපයන්නටද පිරිස් මැලි වෙති.

ඒ නිසාම තමන් මෙහි රැකියා උත්පාදනය කරන වැඩ පිළිවළක් ඇරඹිය යුතු යැයි ඔවුහු සිතති. වැඩිම පිරිසක් විරැකියාවෙන් ජීවත් වන ප්‍රදේශයක් ලෙස මෙය හඳුන් වන අතර. එක් අයෙකුගේ මාසික වේතනය ඇමරිකානු ඩොලර් 400ටත් අඩුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි