×

ගිනිගෙන විනාශ වූ PEREGRINE සිහිනය!

පසුගිය 8 වනදා පෙරිග්‍රීන් ලැන්ඩර් යානය සඳ මතට ගොඩබැස්සවීම සඳහා අභ්‍යවකාශ ගත කෙරුණි.


සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමෙරිකාව විසින් සඳ මතට ගොඩබැස්සවීම සඳහා අභ්‍යකාශ ගත කරන ලද යානය ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.

පසුගිය 8 වනදා පෙරිග්‍රීන් ලැන්ඩර් යානය සඳ මතට ගොඩබැස්සවීම සඳහා අභ්‍යවකාශ ගත කෙරුණි.

එය ෆැසිපික් සාගරයට ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වී ඇති අතර, යානයේ දෝෂයක් ඊට හේතුවන්නට ඇති බවටයි විශ්වාස කෙරේ.

මෙම දශකය අවසානයේ ගගනගාමින් සඳ මතට යැවීමට පෙර එහි පරිසරය අධ්‍යයනය කිරීම, මෙම යානය යැවීමේ අරමුණ විය.

ඒ සඳහා උපකරණ 5ක් සඳ මතුපිට පිහිටුවීම නාසා ආයතනයේ අරමුණ විය.

පෙරිග්‍රීන් යානය සාර්ථකව සඳ මතට ගොඩබැස්සවීමට හැකිවුයේ නම් එය අඩසියවසකට පසු එසේ කළ පළමු ඇමෙරිකා මෙහෙයුම ද ලෙස වාර්තා පොතට එක්වීමට නියමිතව තිබුණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි