×

පේරු හි කොකේන් යුද්ධය

මෙම තත්ත්වයත් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කොළොම්බියාව අතහැර මේ වන විට පේරු වෙත යොමුවෙමින් පැවතීම එරට බලධාරීන් මුහුණ දෙන විශාලම ගැටළුව බවට පත්ව ඇත.


මෙතෙක් ලෝකයේ විශාලතම කොකේන් අපනයනකරු වූයේ කෙළොම්බියාවයි. නමුත් මේ වන විට කෙළොම්බියාව අභිබවා යන්නට පේරූ රාජ්‍යයය ට හැකිව තිබේ. මේ හේතුවෙන් පේරු ගොවීන් සිය සියළු වගාවන් අතහැර කොකේන් වගාවට යොමු වූ තිබීම එරට පාලකයින්ට විශාල ගැටළුවක් වී ඇත.

පේරුහි ඇතැම් පළාත් ඉතා විශාල ලෙස කොකේන් වගාව සිදු කරන අතර පේරු හි කොකා පත්‍ර සහ කුඩු විශේෂයෙන්ම යුරෝපය, ආසියාව සහ ලතින් ඇමරිකාව යන කළාපයන් තුළ ඉතා ප්‍රසිද්ධය.

මෙම තත්ත්වයත් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කොළොම්බියාව අතහැර මේ වන විට පේරු වෙත යොමුවෙමින් පැවතීම එරට බලධාරීන් මුහුණ දෙන විශාලම ගැටළුව බවට පත්ව ඇත. මේ සඳහා පිළියම් ලෙස එරට පොලීසිය සහ ඇමරිකානු හමුදාවේ සහය ලබා ගත්තද පේරු කොකේන් වගා කරුවන් ඉන් ඈත් කිරීම අති දුෂ්කර කාර්යයක් වී ඇත. පේරු හී නව ජනපති ඔල්ලන්ටා හුමාලා විවිධ ආකාරයේ ප්‍රවේශයන් ගනිමින් මෙම රට තුළ සිදු වන කොකේන් වගාව නතර කිරීමට උත්සහා ගනිමින් සිටී. ඒ අනුව ඔහු ජාවාරම් කරුවන් ට දැඩි නීති පද්ධතියක් නියම කිරීමට සහ වගාකරුවන් කොකේන් වගාවෙන් මුදවා වෙනත් වගාවන් කිරීමට යොමු කිරීමටත් කටයුතු කරමින් සිටී, මූලික පියවර ලෙස කොකේන් වගාවන් ගිනි තැබීමට සහ රසායනිකයන් යොදා වගාවන් විනාශ කිරීමට කටයුතු කළද වගාකරුවන් වෙනත් වගා බිමි සොයා ගැනීම නිසා එම වෑයම අසාර්ථ වීමත් සමග මෙසේ වෙනත් වගා හඳුන්වා දෙනු ලබීය. ඒ අනුව මුලින්ම කෙසෙල් සහ කෝපි වගාව හඳුන්වා දී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි