×

Peter Pellegrini ස්ලොවැකියා ජනාධිපතිවරණයෙන් ජය ගනී !

Peter Pellegrin රුසියා හිතවාදී පුද්ගලයෙකු ලෙසයි හැදින්වෙන්නේ. ජනාධිපතිවරණයෙන් ඔහු 53% ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත් අතර ඔහු ඉදිරියේ බටහිර හිතවාදි ඉවාන් ක්‍රොක් පරාජයට පත්ව ඇත.


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):Peter Pellegrini ස්ලොවැකියා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙන බව වාර්තා වේ.

Peter Pellegrin රුසියා හිතවාදී පුද්ගලයෙකු ලෙසයි හැදින්වෙන්නේ. ජනාධිපතිවරණයෙන් ඔහු 53% ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත් අතර ඔහු ඉදිරියේ බටහිර හිතවාදි ඉවාන් ක්‍රොක් පරාජයට පත්ව ඇත.

ස්ලොවැකියා පාර්ලිමේන්තුවේ බලය ද රුසියාවට පක්ෂපාත රොබට් පිකෝ සතු වන අතර ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ස්ලොවැකියාව සම්පුර්ණයෙන් රුසියා හිතවාදී රටක් බවට පත්වන බව සඳහන් වේ.

මීට පෙර ස්ලොවැකියාව යුක්රේනයට පක්ෂපාතීත්වය පළ කළ ද පසුගිය ඔක්තෝබර් මස පැවති මහමැතිවරණයෙන් රොබට් පිකෝ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමත් සමග යුක්රේනයට ලබාදුන් යුද ආධාර අත්හිටුවීමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි