×

පිලිපීන ගෘහ සේවිකාවගේ ඝාතකයා ලෙබනනයේදී අත්අඩංගුවට

මීට වසරකට පෙර ඝාතනය කර කුවේටයේ නිවසක අධිශිතකරණයක දමා තිබියදී ඇගේ මළ සිරුර සොයා ගනු ලැබීය.


 කුවේටයේදී ඝාතනයට ලක්වූ 29 හැවිරිදි පිලිපීන ගෘහ සේවිකාවක වූ ජොආනා ඩිමාෆෙලීස් ගේ ඝාතකයා සතියක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික ආරක්ෂක අංශ වෙත හැකියාව ලැබී ඇත. ඔහු ලෙබනන් ජාතිකයෙක් වූ අතර අත්අඩංගුවට ගැනුනේ ලේබනනයේදීය. මීට වසරකට පෙර ඝාතනය කර සිය නිවසේ අධිශිතකරණයක දමා තිබූ ජොආනාගේ මළ සිරුර සොයා ගැනුනේ ඇගේ ඥාතීන් විසින් ඈ සොයා දෙන ලෙස එරට බලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුවය.

 පිලිපීන ජාතිකයින් 252000කට ආසන්න සංඛ්‍යාවක් කුවේටයෙහි සේවයේ නිරත වන බව එරට විදේශ සේවා බලධාරීන් පවසයි.

 අපරාධකරු ලෙබනන් ජාතික නඩේර් ඉසාම් අසාෆ් නැමැත්තෙකු වූ අතර ඔහුගේ බිරිය වන සිරියානු ජාතික මෝනා නැමැත්තියද අත් අඩංගුවට ගෙන ඇත. මේ වන විටත් ජොආනාගේ මරණයත් සමග කුවේටය සදහා ගෘහ සේවිකාවන් යැවීම නතර කිරීමට පියවර ගනිමින් සිටින පිලිපීන රජය ඈට යුක්තිය ඉටු කිරීම සඳහා සියළු කටයුතු සිදු කරන බව පවසා සිටියි. මේ වන විට කුවේට් රජයද ඒ සඳහා තම අවධානය යොමු කර ඇති අතර මේ වන විටත් කුවේට් හී සේවය කරන 1000කට අධික පීඩාවට පත් පිලිපීන කාන්තාවන් සිය රටට ගෙන්වා ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත. පිලිපීන ජාතිකයින් 252000කට ආසන්න සංඛ්‍යාවක් කුවේටයෙහි සේවයේ නිරත වන බව එරට විදේශ සේවා බලධාරීන් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි