×

පිලිපීනයේ නාය යාමකින් 68 දෙනෙකු මරුට

අද(12) උදෑසන ප්‍රදේශයට බලපාන ලද රිච්ටර් මාපකයේ 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් හා පසු කම්පන රැසක් හේතුවෙන් මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් නවතා දමා ඇත.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 12,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(11)දිනයේ පිලිපීනයේ කඳුකර භූමි ප්‍රදේශයක් වන Davao de Oro හි නාය යෑමක් හේතුවෙන් 68 දෙනෙකු මියගොස් 51 දෙනෙකු අතුරුදන්ව 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාපතනය සහ පතල් කැණීම් සහ නීතිවිරෝධී දැව කැපීම් හේතුවෙන් පුළුල් ලෙස වන විනාශය හේතුවෙන් පිලිපීනයේ බොහෝ ප්‍රදේශවල නායයෑම් නිරන්තර අනතුරකි.

මෙම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව ගලවා ගැනීමේ සහන මෙහෙයුම් අසීරු කර ඇති අතර නායයෑම් සහ ගංවතුර හේතුවෙන් දස දහස් සංඛ්‍යාත ජනතාවකට හදිසි නවාතැන් වෙත යොමු කර ඇත.

අද(12) උදෑසන ප්‍රදේශයට බලපාන ලද රිච්ටර් මාපකයේ 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් හා පසු කම්පන රැසක් හේතුවෙන් මේ වන විට ගලවා ගැනීමේ මෙහෙයුම් නවතා දමා ඇති බවයි Davao de Oro පළාතේ ආපදා නියෝජිතායතන නිලධාරියෙකු වන Edward Macapili ප්‍රකාශ කර තිබුණේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි