×

කිඹුල්ලුන්ගේ රජ දහනකට වැටුණු පයිලට්!

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ෆ්ලොරිඩාවේ එවර්ග්ලේඩ්ස් හි කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පැය නවයක වෑයමකින් අනතුරුව එහි සිටි ගුවන් නියමුවා බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ෆ්ලොරිඩා එවර්ග්ලේඩ්ස් යනු සාමාන්‍ය කිඹුලන් සහ ඇමරිකානු කිඹුලන් යන විශේෂ දෙකම එකට ජීවත් වන අද්විතීය ස්ථානයකි. විශේෂ දෙකම එකම වාසස්ථානයක් බෙදා ගන්නා ලෝකයේ ස්ථාන කිහිපයෙන් […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ෆ්ලොරිඩාවේ එවර්ග්ලේඩ්ස් හි කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පැය නවයක වෑයමකින් අනතුරුව එහි සිටි ගුවන් නියමුවා බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්ලොරිඩා එවර්ග්ලේඩ්ස් යනු සාමාන්‍ය කිඹුලන් සහ ඇමරිකානු කිඹුලන් යන විශේෂ දෙකම එකට ජීවත් වන අද්විතීය ස්ථානයකි. විශේෂ දෙකම එකම වාසස්ථානයක් බෙදා ගන්නා ලෝකයේ ස්ථාන කිහිපයෙන් එකක් ලෙස ෆ්ලොරිඩා එවර්ග්ලේඩ්ස් හැඳින්වේ.

හෙලිකොප්ටරයක් ​​ඔහුගේ ආධාරයට පැමිණීමට පෙර, යානයේ පියාපත් මත වාඩි වී එම පුද්ගලයා තම ජීවිතය බේරා ගැනීමට දරණ උත්සාහය වීඩියෝ දර්ශන වලින් දැකගත හැකි විය.

එම ගුවන් නියමුවා රෝහල් ගත කර ඇති අතර ඔහු සුළු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි