×

Breaking: පුද්ගලයන් 72 දෙනෙකු රැගත් ගුවන් යානයක් නේපාලයේදී කඩා වැටේ!

යානයේ මගීන් 68 ක් සහ කාර්ය මණ්ඩලයේ හතර දෙනෙක්


අද දින(15) බටහිර නේපාලයේ පොකාරා හි ගුවන් යානයක් කඩා වැටීමෙන් මේ වනවිට පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බවට හමුදා ප්‍රකාශකයෙකු ප්‍රකාශ කරයි.

යානයේ මගීන් 68 ක් සහ කාර්ය මණ්ඩලයේ හතර දෙනෙක් සිට ඇත. මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදු වෙමින් පවතින අතර දිවි ගලවා ගත් අය සිටීදැයි තවමත් නිශ්චිතව නොදන්නා බව සඳහන් කරයි.

කුඩා හිමාලයෙහි බටහිර දෙස පිහිටි ගුවන් යානය කඩා වැටුණු ස්ථානයෙන් සිරුරු කිහිපයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානයෙහි සුන්බුන් ගිනිගෙන ඇති අතර ගලවා ගැනීමේ පිරිස් එක්ව එහි පවතින ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටින බව ද වාර්තා වේ.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි