×

චීස් පෙත්තේ සිට ගුවන් යානය දක්වා යුරෝපයෙන් ආනයනිත භාණ්ඩ සිය ගණනක් මත ඇමරිකාව බදු පනවයි

.


ස්කොට්ලන්ත විස්කි , ප්‍රංශ වයින්,චීස් ඇතුළු යුරෝපයෙන් ආනයනය කරන භාණ්ඩ රැසක් මත ඇමරිකා එක්සත් ජනපදය විසින් බදු පනවා ඇත. මෙම බදු ඔක්තොම්බර් 18 වන දින සිට බලපැවැත්වෙන අතර මේ සදහා හේතු වී ඇත්තේ යුරෝප සංගමය සහ ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය අතර පවතින වෙළද අර්බුදයන්ය. මේත් සමග ලෝක ආර්ථිකයද බලපෑමට ලක්ව ඇත.

මේ අනුව යුරෝපයෙන් ආනයනය කරන කෘෂිකාර්මික නිෂ්පාදන සිය ගණනක් සදහා බදු පනවා තිබේ. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය යුරෝපයේ නිෂ්පාදිත ගුවන් යානා සදහාද සියයට 10%ක අධික බද්ධත් පනවා ඇති අතර ඇමරිකානු ගුවන් සමාගම් මේ හේතුවෙන් දැඩි අසීරුතාවට පත්ව ඇත.

ලෝක වෙළද සංවිධානය මගින්ඇමරිකාව විසින් පැනවූ මෙම බදු අනුමත කර ඇත.
මීට පෙර චීනය සම්බන්ධව ඇමරිකා එක්සත් ජපදය අනුගමනය කළ වෙළද ප්‍රතිපත්තිය හේතුවෙන් ලෝක ආරථිකය තුළ පැන නැගුණ අර්බුදයේ ස්වරෑපයට සමාන ගැටුමක් නැවතත් හටගනු ඇති බවට ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි