×

ආන්දෝලනාත්මක දුරකතන සංවාදෙට පොම්පියෝත් සම්බන්ධ වෙලා!

ට්‍රම්ප් තම ප්‍රතිවාදියා වන ජෝ බිඩන් ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට යුක්‍රේන ජනපතිවරයා සමඟ පැවති දුරකතන සංවාදයට රාජ්‍ය ලේකම් පොම්පියෝ ද සම්බන්ධ වී ඇත.


පසුගිය ජූලි මාසයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි අතර පැවතියේ යැයි කියවෙන දුරකතන සංවාදයට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද සම්බන්ධ වී ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරයි. 

එම පුවත්පතට අනුව, ඇමරිකානු ජනපති ට්‍රම්ප් එළඹෙන ජනාධිපතිවරණයේ තම ප්‍රතිවාදියා වන ජෝ බිඩන් ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට යුක්‍රේන ජනපතිවරයා සමඟ පැවති දුරකතන සංවාදයට පොම්පියෝ ද සම්බන්ධ වී ඇත.

ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත ජෝ බිඩන් ගේ යුක්‍රේන සබඳතා ඉලක්ක කරගනිමින් යුක්‍රේන ජනපති හා දුරකතනයෙන් සම්බන්ධ වූ බවට පළවූ පුවතත් සමඟ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති විය.

ට්‍රම්ප් ට එල්ල වූ චෝදනාව වූයේ තම දේශපාලන ප්‍රතිවාදියාගේ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට විදෙස් සහය පතන බවට යි. මේ තුළින් ඩිමොක්‍රටික් පක්ෂය ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගොනුකිරීමට ද කටයුතු කර ඇත.

මීට අමතරව යුක්‍රේනයේ ඇමරිකානු ජනාධිපතිවරයා ගේ නියෝජිත කර්ට් වොල්කර් ද මෙම කුමන්ත්‍රණයට හවුල් බවට චෝදනා එල්ල වූ නිසා තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි