×

‘‘අපෙන් නරකම අයට පවා දෙවියන් වහන්සේ ප්‍රේම කරති.‘‘ – පාප් වහන්සේගේ නත්තල් පණිවුඩය

සුදොවුන් පාප් වහන්සේ වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව අමතමින් ප්‍රකාශ කළේ ‘අපෙන් නරකම අයට පවා දෙවියන් වහන්සේ ප්‍රේම කරති‘ යනුවෙනි.


ඊයේ රාත්‍රියේදී සම්ප්‍රදායික නත්තල් පණිවුඩය නිකුත් කරමින් උන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.

‘‘ඔබ ළඟ වැරදි අදහස් තිබෙන්නට පුළුවන්. දේවල් සහමුලින්ම අවුල් කරගෙන සිටින්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබට තවදුරටත් ප්‍රේම කරනවා..‘‘ යැයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එහිදී ප්‍රකාශ කළහ.

එහිදී රැස්ව සිටි පිරිස අතර උගන්ඩාව, වෙනිසියුලාව සහ ඉරාකයෙන් පැමිණ සිටි දරුවන් ද මෙහි සිටීම විශේෂත්වයකි.

ලොව පුරා සිටින බිලියන 1.3 ක් වන කතෝලිකයන් අතර සංක්‍රමණිකයන් සහ යුධ වින්දිතන්ගේ ඉරණම පිළිබඳ අති උතුම් පාප් වහන්සේ සිය ස්ථාවරය නැවත වරක් ප්‍රකාශ කර සිටියේ එලෙස ය.

ආර්ජන්ටිනා ජාතික ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 83 හැවිරිදි ය. ගෙවී යන 2019 වසරේදී කතෝලික පල්ලිය ළමා අපචාර සිදුවීම් හේතුවෙන් දෙදරුම් කෑවේය. ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය යනාදී රටවල් ගණනාවකින් කතෝලික පූජකවරුන් විසින් සිදුකරන ලද ළමා අපචාර පිළිබඳ චෝදනා මේ වසරේදී එල්ල විණි. ඔස්ට්‍රේලියාවේ ඉහළම නිලය සහිත කාඩිනල් ජෝර්ජ් පෙල්, 1996 වසරේදී පල්ලියේ ස්තෝත්‍ර කණ්ඩායමේ කුඩා පිරිමි ළමුන් දෙදෙනෙකු අපහරණයට ලක්කිරීම ගැන වරදකරු බවට පත්වූයේ ද 2019 වසරේදී ය. කාඩිනල් ජෝර්ජ් පෙල්, අතීතයේ වතිකානයේ භාණ්ඩාගාරිකව සිටීම විශේෂත්වයකි. ඒ අනුව මෙසේ ළමා අපචාර සඳහා වරදකරු වූයේ එවකට වතිකානයේ සිටි තුන්වැනි ඉහළම කතෝලික නිලයයි.

මෙම සිදුවීම්වලින් පසු ලොව කුඩාම රාජ්‍යය වන වතිකානයේ රාජ්‍ය නායකයා ලෙස ද සැලකෙන පාප් වහන්සේ, child pornography සම්බන්ධ අර්ථ දැක්වීම වෙනස් කළහ. ඒ අනුව මෙම වරදට ලක්වන දරුවාගේ අවම වයස වසර 14 බවටත් ‘ළමයා‘ යන්නෙන් වයස 18ට අඩු අය අදහස් වන බවටත් ප්‍රකාශයට පත් කෙරිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි