×

‘සැබෑ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ ඇස් යොමු කරමු’ – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

සටහන – රෂිකා හෙන්නායක. ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නත්තල් දිව්‍ය පූජාවේදී ‘සැබෑ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ ඇස් යොමු කරමු’ යනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දේශනා කළේය. වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ ඊයේ රාත්‍රියේදී නත්තල් දිව්‍ය පූජාවේ මුලසුන දැරූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, “නත්තලේ ආශ්චර්යය” නම් අනන්ත දෙවියන් වහන්සේ යනුවෙන් පවසා සිටියේය. යේසුස් වහන්සේගේ සාමය පිළිබඳ පණිවිඩය ඔහු උපන් දේශයේම […]


සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නත්තල් දිව්‍ය පූජාවේදී ‘සැබෑ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ ඇස් යොමු කරමු’ යනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දේශනා කළේය.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ ඊයේ රාත්‍රියේදී නත්තල් දිව්‍ය පූජාවේ මුලසුන දැරූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, “නත්තලේ ආශ්චර්යය” නම් අනන්ත දෙවියන් වහන්සේ යනුවෙන් පවසා සිටියේය.

යේසුස් වහන්සේගේ සාමය පිළිබඳ පණිවිඩය ඔහු උපන් දේශයේම “යුද්ධයේ නිෂ්ඵල තර්කනය” මගින් ගිල්වනු ලබන බව ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය ගැන සඳහන් කරමින් පාප් වහන්සේ ප්‍රකාශ කළේය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී මැද පෙරදිග සාමය සඳහා ආයාචනා කර සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි