×

ඉන්දීය ජනප්‍රිය ගායක පංකජ් උද්හාස් ජීවන ගමනට සමුදෙයි..

ඔහු මිය යන විට 72 වියේ පසුවූ අතර දියණියන් දෙදෙනෙකුගේ පියෙකු විය.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉන්දීය ජනප්‍රිය ගායක පංකජ් උද්හාස් අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මිය යන විට 72 වියේ පසුවූ අතර දියණියන් දෙදෙනෙකුගේ පියෙකු විය.

පංකජ් උද්හාස් මහතා ඊයේ (26) පෙ.ව. 11.00ට පමණ ජීවිතයෙන් සමුගත් බවත් බවත් ඔහුගේ අවසන් කටයුතු අද (27) පැවැත්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ගසල් ගීත, චිත්‍රපට ගීත ඇතුළු අමරණීය ගීත රැසක් ලොවට තිළිණ කළ ඔහු, පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවෙකි.

පන්කජ් මහතාට සොහොයුරන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ද ගායකයන් වන බව පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි