×

ඇමසන් නොරැක්කොත් බ්‍රසීලයට ආර්ථික සම්බාධක

ඇමසන් ගින්න නිවන්න බොල්සොනාරෝ හමුදාව යවයි


ඇමසන් වනාන්තරය තුළ ලැවුගිනි පැතිරෙන්නට පටන්ගෙන  දින කිහිපයක් ගත වූ පසු බ්‍රසීල ජනපතිවරයා ඒ වෙනුවෙන් පියවර ගැනීම ආරම්භ කර ඇති අතර ඒ සදහා හමුදා සේනාංක පිටත් කර හැර ඇත.

ඔහුගේ මෙම තීරය පැමිණේන්නේ‍ෙජාත්‍යන්තර නායකයන් විසින් බ්‍රසීල ජනපතිවරයා මත දිගින් දිගටම විවේන සහ පීඩනයන් එල්ල කිරීමෙන් අනතුරුවයි.

මෙසේ අනෙක් රාජ්‍ය්‍යන් ඇමසන් ගින්නට අත පෙවීම පිළිබදව බොල්සොනාරෝ පැවසුවේ ඔවුන් සිය රටේ සංවර්ථනයට අකුල් හෙළන බවත් ලැවු ගිනි සිය රටට එරෙහි සම්බාධක පැනවීමට හේතුවක් නොවන බවයි.

ඔහු මෙසේ පවසන්නේ ප්‍රංශ ජනපතිවරයා සහ අයර්ලන්තය විසින් ඇමසන් ගින්න නිවාදැමීමට බ්‍රසීලය පියවර නොගත හොත් දකුණු ඇමරිකානු රාජ්‍ය්‍යන් සමග ඇති කර ගැනීමට නියමිත විශාල වෙළද ගිවිසුම ස්ථිර නොකරන බවට අනතුරු ඇගවීමක් සමගිනි.

ඇමසන් ගිනිගැනීම් රැසක් මිනිසුන් විසින් හිතාමතා පතුරුවන ලද ඒවා බව අනාවරණය වී ඇති අතර වගා බිම් සදහා භූමිය ලබා ගැනීමේ අරමුණින් මෙවැන්නක් සදහා ඉඩ ලබා දී ඇති බවට අනාවරණය වේ.

මේ වන විට යුරෝපා සංගම් රාජ්‍ය්‍යන් විසින් බ්‍රසීලයට එරෙහිව සම්බාධක පැනවීමට මූලික පියවර ගනිමින් සිටින අතර ඒ අනුව දැනටමත් මෙතෙක් බ්‍රසීලයෙන් අපනයනය කෙරුණ ගව මාංශ වෙනුවට ඒවා ෆින්ලන්තයෙන් ලබා ගැනීඹට ෆින්ලන්තය වෙත යෝජනා කර ඇත.

රූපවාහිනිය මගින් ප්‍රචාරය කරමින් බොල්සොනාරෝ විසින් ප්‍රකාශයක් නිකුත් කළ අතර එහිදී ද ඔහු කියා සිටියේ ලැවු ගිනි යනු සාමාන්‍යයෙන් ලෝකයේ පවතින්නක් බවත් එය ආර්ථික සම්බාධක පැනවීමට හේතුවක් කර ගත නොහැකි බවත්ය. එමෙන්ම ඔහු සිය ප්‍රකාශවේ වැඩි දුරටත් පැවසුවේ තමන් හමුදාභටයෙකු මෙන් ඇමසන් වනාන්තරයට ආදරය කරන්නට ඉගෙන ගෙන ඇති බවත් තමන්ය ඇමසන් රැක ගැනීම සදහා උදවු කිරීමට අවශ්‍ය බවත්ය.

මේ අතර පරිසර සංවිධාන රැසක් බ්‍රසීලය පුරා විරෝධතා පවත්වමින් සිටින අතර ඇමසන් තත්ත්වය පාලනයට පියවර ගන්නා ලෙස ඔවුන් රජයට බල කරමින් සිටී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි