ජූලි 25 වැනිදා මෙම එළුදෙන ගාලෙන් අතුරුදන් වී ඇති බවට අස්ලු නමැති ඇගේ ස්වාමියා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
මෙම අපරාධය සිදුකරන අවස්ථාවේදී පෙර කී තිරිසනුන් 8 දෙනා බීමත් ව සහ මත්ද්‍රව්‍ය ගෙන සිටි බව ද පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
සැකකරුවන් 8 දෙනා අතරින් තුන් දෙනෙක් මේ වන විට ද හඳුනාගෙන ඇති නමුත් සියලු දෙනා ප්‍රදේශයෙන් පළාගොස් සිටිති.
මෙම සිද්ධිය වාර්තා වන්නේ හරියානා ප්‍රාන්තයේ මීවත් දිස්ත්රිකක්යෙනි.
සැකකරුවන්ට විරුද්ධව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ (IPC) 34, 377 සහ 429 වගන්ති යටතේ ද 1960 සත්ව හිංසන පනතේ 11(1)(a) සහ (l) යටතේ ද දැනටමත් චෝදනා පත්‍ර ද ගොනු කර තිබේ.
ඉන්දියාවේ සත්ව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙන්නේ මෑත කාලයේදී සතුන් කෘෘරත්වයට පත් කර උන්ගේ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැරීම අධික ලෙස වැඩි වී තිබේ.
මේ අතර ගැහැණු සතුන් දූෂණය කිරීම කෙසේ වෙතත්, ස්ත්‍රී දූෂණ අතින් ඉන්දියාව සිටින්නේ ලෝකයේ අංක 1 ය.
විශේෂයෙන්ම හරියානා ප්‍රාන්තයෙන් පසුගිය දිනවල සමූහ ස්ත්‍රී දූෂණ වාර්තා වීම අතිශයින් වැඩි වී තිබේ. මෙවැනි සිදුවීම් මේ වනවිට ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කරමින් සිටින්නේ ‘තවත් හරියානා සංත්රාසයක්‘ (Another Haryana Horror) යනුවෙනි. මේ සිදුවීම්වලදී දැකගත හැකි පොදු නිරීක්ෂණයක් බවට පත්ව තිබෙන්නේ ස්ත්‍රී දූෂණයෙන් පසුව ඇයව එක්කෝ මරා දැමීමයි. නැතිනම් අංගවිකලාභාවයට පත් කිරීමයි. ජූලි මස 20 වැනිදා හරියානා ප්‍රාන්තයේ පංචකූලා ප්‍රදේශයෙන් වාර්තා වූ එවැනි එක් සිදුවීමකදී රැකියාවක් සොයා යමින් සිටි විවාහක කාන්තාවක පිරිමින් 40 දෙනෙක් එකතු වී දූෂණය කරමින් තානායකම කාමරයක් තුළ පුරා දින 4 ක් සිරකරගෙන සිටි පුවතක් වාර්තා විය. ඇගේ දූෂකයන් කණ්ඩායම් කිහිපයක් ලෙස වරින් වර පැමිණෙමින් ඇයව පැය 24 පුරාම දූෂණය කර තිබුණේ අති අමානුෂික අන්දමිනි.
ඉන්දියාව ලෝකයේ ගැහැණියක වී ඉපදීමට තිබෙන නරකම ස්ථානය වශයෙන් ශ්‍රේණිගතකිරීම් ගණනාවක දැක්වේ. දැන් පෙනී යන්නේ ඉන්දියාව නොහොත් ‘බුදුන් උපන් දේශය‘ ගැහැණියක වී පමණක් නොව ‘ගැහැණු සතෙකු‘ වී ඉපදීමටවත් සුදුසු රටක් නොවන තැනට පත්ව ඇති බවයි.
සැබවින්ම ගැබ්බර එළුදෙනක කාමාතුරන් 8 දෙනෙක් විසින් දූෂණය කර මරා දැමීම විසින් කියා සිටින සමාජ ඛේදවාචකය කුමක්ද?