×

වැටුප් නොගන්නා ජනපති!

ඉකුත් ඉරිදා පාකිස්තානයේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස සිය, ධුරයේ වැඩ භාරගත් 68 හැවිරිදි සර්දාරි පාකිස්තාන ජනතා පක්ෂයේ සමසභාපතිවරයා වන අතර හිටපු පාකිස්තාන, අගමැතිනී ඝාතනය වූ බෙනාසීර් භූතෝ ගේ සැමියා ද වේ.


සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිය ධුර කාලය තුළ කිසිදු වැටුපක් නොගෙන, සේවය කරනබව පාකිස්තානයේ නව ජනාධිපති ධුරයට පත් අසිෆ් අල් සර්දාරි එරට මුහුණ පා, තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ඉකුත් ඉරිදා පාකිස්තානයේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස සිය, ධුරයේ වැඩ භාරගත් 68 හැවිරිදි සර්දාරි පාකිස්තාන ජනතා පක්ෂයේ සමසභාපතිවරයා වන අතර හිටපු පාකිස්තාන, අගමැතිනී ඝාතනය වූ බෙනාසීර් භූතෝ ගේ සැමියා ද වේ.

, පාකිස්තානය මුහුණ පා, ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් රට තුළ ආර්ථික කළමනාකරණයක් ඇති කිරීම දිරි ගැන්විම සඳහා, තමා වැටුප් නොගෙන සේවය කිරීමට තීරණය, කළ බව ,පාකිස්තානයේ සිටින ධනවතෙකු වන, ජනාධිපති සර්දාරි පවසා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි