×

චාල්ස් කුමරුටත් කොරෝනා වැළදේ

.


වේල්සයේ කුමරු හෙවත් මහා බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් කුමරු ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බී බී සී පුවත් සේවය දන්වා සිටියි.

71 හැවිරිදි චාර්ල්ස් කුමරු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කලද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිදැයි පරීක්ෂා කිරීම සදහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත. මේ අතර 72 හැවිරිදි කෝන්වෝල් හී ආදාපාදි වරියට කොරෝනා වෛරසය අසාදනය නොවී ඇති බවට අනාවරණය වේ.

චාර්ල්ස් කුමරු සහ කැමිලා මේ වන විට බැල්මරෝල් හී හුදෙකලාව වාසය කරන අතර කුමරු ස්වයංනිරෝධායනය වෙමින් සිය රාජකාරී ඉටු කරමින් සිට ඇත.

රජ මාළිගය විසින් නිකුත් කළ නිළ ප්‍රකාශනය සදහන් කරන්නේ : “රජයේ සහ වෛද්‍ය උපදෙස් වලට අනුව කුමරු සහ ආදිපාදවරිය දැන් ස්කොට්ලන්තයේ නිවසේදී හුදෙකලා වී සිටිති. යනුවෙනි.

මෑත සති කිහිපය තුල චාර්ල්ස් කුමරු පොදු කටයුතු කිහිපයක් සදහා සහභාගී වූ බැවින් නිශ්චිතවම ඔහුට රෝගය ආසාදනය වූයේ කොහෙන්ද , කාගෙන්ද යන්න තවමත් අනාවරණය කරගෙන නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි