×

ශතකයට එකක් තිබියදී පිලිප් කුමරු දිවි ඉනිමෙන් දැවී යයි

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරු, වයස අවුරුදු 99 දී අද දින මෙලොවින් සමු ගත්තේය.


අවුරුදු 74 ක් තිස්සේ දෙවැනි එලිසබෙත් රැජිනගේ සැමියා ලෙස ඇගේ පසෙකින් සිටි ඔහු, බ්‍රිතාන්‍ය අධිරාජිනියකගේ ස්වාමියා වශයෙන් වැඩිම කලක් සිටි තැනැත්තා ලෙස ද ඉතිහාසයට එක් වෙයි.

ගතවූ වසර කිහිපය තුළ සෞඛ්‍ය තත්වයේ සීඝ්‍ර පිරිහීමක් පෙන්වූ පිලිප් කුමරු, 2017 වසරේදී රාජකීයයෙකු වශයෙන් පැවරී තිබූ නිල රාජකාරිවලින් සමුගෙන තිබිණි.

මාර්තු 16 වැනිදා දක්වා ලන්ඩනයේ කිං එඩ්වඩ් සෙවන් රෝහලේ ඔහු මසක් පමණ නේවාසික ප්‍රතිකාර ලැබූ බව ද සඳහන්. ඔහු කිසියම් ආසාදනයකට ලක් වී ඇති බවට ද ඉන් අනතුරු ව පුවත් පැතිරී තිබිණි.

ජූනි 10 වනදා දක්වා ජීවත් ව සිටියේ නම් පිලිප් කුමරු, ශතකයක් දිවි සැරිය සිදුකළ ප්‍රථම රාජකීයයා බවට පත්වීමට ද නියමිතව සිටියේය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි