×

මහරැජිනගේ මිණිපිරියට මංගල සීනු

බ්‍රිතාන්‍ය මහරැජිනගේ මිණිපිරිය වන ඉයුජින් කුමරියට මංගල සීනු හැඬවුණා. 


ඇය අත ගත්තේ, අැගේ දීර්ඝ කාලීන සහකරුවා වූ ජැක් බෘෘක්ස්බෑන්ක්  Jack Brooksbank සමගයි.

වින්ඩ්සර් මාළිගයේ සාන්ත ජෝන් ආසන දෙව්මැදුරේදී මෙම දේව මෙහෙය පැවැත්වුණේ රාජකීය අමුත්තන් 850 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන්.

කෝන්වෝල් හි ආදිපාදවරිය හෙවත් චාල්ස් කුමරුගේ බිරිඳ කැමිලා පාකර් හැර රජ පවුලේ අන් සියලුම සාමාජිකයන් මේ සඳහා සහභාගි වී සිටියා.

ඉයුජින් කුමරිය බ්‍රිතාන්‍ය මහරැජිනගේ මිණිපිරියයි.

ඇය ඔටුන්න හිමි 9 වැනියා ද වනවා.

28 හැවිරිදි ඉයුජින් කුමරිය, ඇන්ඩෘෘ කුමරුගේ දියණියයි.

මංගල උත්සවයේදී ඈ පැළඳ සිටියේ 1919 වසරේදී තැනූ දියමන්ති, එමරල්ඩ් සහ ප්ලැටිනම් මිශ්‍රිත අලංකාර කිරීටයක්.

ඇගේ මල් කුමර කුමරියන් බවට පත්ව සිටියේ විලියම් කේට් (කේම්බ්‍රිජ් හි ආදිපාද යුවළ)ගේ දරුවන් වන පුංචි ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරියයි.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි