×

කේට් කුමරිය රෝහල්ගත කෙරේ

ඇයගේ නිල රාජකාරි සඳහා නැවත පැමිණීම වෛද්‍ය උපදෙස් මත රඳා පවතිනු ඇති බව සඳහන් වේ.


සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 18.

ලෝකය(අවුට්බවුන් ටුඩේ) : වේල්ස් කුමරිය වන කැතරින් හෙවත් කේට් උදරයේ ශල්‍යකර්මයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර තිබේ.

ශල්‍යකර්මයට හේතුව පැහැදිලි නොවන අතර ඇය දින 10 සිට 14 දක්වා රෝහල්ගතව සිටීමට වෛද්‍ය උපදෙස් ලැබී ඇති අතර රාජකීය මූලාශ්‍රයක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ 42 හැවිරිදි ඇගේ තත්වය පිළිකා තත්වයක් නොවන බවයි.

රෝහලෙන් පිටව ගිය පසු, වේල්ස් කුමරිය වින්ඩ්සර් හි නිවසේදී සුවය ලබනු ඇතැයි අපේක්ෂා කරන අතර ඇයගේ නිල රාජකාරි සඳහා නැවත පැමිණීම වෛද්‍ය උපදෙස් මත රඳා පවතිනු ඇති බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි