×

බ්‍රිතාන්‍ය ජාතිවාදී විරෝධී විරෝධතාකරුවන් බ්‍රිස්ටල්හි වහල් වෙළෙන්දෙකුගේ පිළිමයක් බිමට ඇඳ දමයි!

මෙම ප්‍රතිමාව පසුව බ්‍රිස්ටල්හි වීදි හරහා ඇදගෙන ගොස් වරායට විසි කරන ලදී. හිස් කණුව විරෝධතාකරුවන් සඳහා තාවකාලික වේදිකාවක් ලෙස භාවිතා කරන ලදී.


එක්සත් රාජධානිය පුරා ජාතිවාදී විරෝධී උද්ඝෝෂණවල දෙවන දිනයේදී විරෝධතා කරුවන් විසින් වහල් වෙළෙන්දෙකුගේ ප්‍රතිමාව ගලවා වරායෙහි ගිල්ලවා ඇත.

දෙවන දින ලන්ඩනයේ මෙන්ම බ්‍රිස්ටල්, මැන්චෙස්ටර්, වුල්වර්හැම්ප්ටන්, නොටිංහැම්, ග්ලාස්ගෝ සහ එඩින්බර්ග් ඇතුළු නගරවල ද දහස් ගණනක් විරෝධතාකරුවෝ ජාතිවාදයට හා ජාතිවාදී පාලනයට විරෝධය දැක්වීම සඳහා රැස් වූහ.

බ්‍රිස්ටල්හි දී, විරෝධතාකරුවන් 17 වන සියවසේ ප්‍රමුඛ වහල් වෙළෙන්දෙකු වූ එඩ්වඩ් කොල්ස්ටන්ගේ ලෝකඩ පිළිමය ලණු භාවිතා කරමින් පහතට ඇඳදමූහ. කොල්ස්ටන් රාජකීය අප්‍රිකානු සමාගමේ සාමාජිකයෙකු වූ අතර පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 80,000 ක් අප්‍රිකාවේ සිට ඇමරිකාවට ප්‍රවාහනය කරන ලදී. 1721 දී ඔහුගේ අභාවයෙන් පසු ඔහු සිය ධනය පුණ්‍යායතනවලට පවරා දුන් අතර ඔහුගේ උරුමය බ්‍රිස්ටල්හි වීදි, ස්මාරක සහ ගොඩනැගිලිවල තවමත් දැකිය හැකිය.

පිළිමය පෙරළීමෙන් පසු, විරෝධතාකරුවකුගේ දණහිස පිළිමයේ ගෙලට තදකරමින්, මිනසෝටා පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ව මරණයට පත් කරන අන්දම පෙන්වන වීඩියෝවක් ද පෙන්වමින් ඔහුව සිහිපත් කිරීමට විරෝධතා කරුවන් කටයුතු කළහ.

ඉන්පසුව මෙම ප්‍රතිමාව පසුව බ්‍රිස්ටල්හි වීදි හරහා ඇදගෙන ගොස් වරායට විසි කරන ලදී. හිස් කණුව විරෝධතාකරුවන් සඳහා තාවකාලික වේදිකාවක් ලෙස භාවිතා කරන ලදී.

[embedyt] https://youtu.be/EoBwNO0puuU [/embedyt]

මෙම ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් විරෝධතා සිදුවන්නේ සති අන්තයේ බොහෝ දුරට සාමකාමී ලෙස පෙලපාලි පැවැත්වීමෙන් පසුව විරෝධතාකන් විසින් පොලිසිය සමඟ ගැටුම් ඇතිවීමෙන් අනතුරුවයි. ඉරිදා සවස මධ්‍යම ලන්ඩනයේ පොලිසිය වෙස්ට්මිනිස්ටර් නගරයට විසුරුවා හැරීමේ නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ ගැටුම්වලින් පසු ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසටය.

මෙට්‍රොපොලිටන් පොලිසියේ අධිකාරී ජෝ එඩ්වර්ඩ්ස් පැවසුවේ අගනුවර පැවති “ප්‍රධාන වශයෙන් සාමකාමී විරෝධතාවයකින්” පසුව, නිලධාරීන්ට “සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි” “ප්‍රචණ්ඩ හා අවුල්සහගත තත්ව” වලට මුහුණ දීමට සිදුව ඇති බවයි. රාත්‍රී 8ට පමණ විරෝධතා කරුවන් විසින් පොලීසිය වෙතට බෝතල් විසි කරමින් පහර දුන් නිසා තත්වය ප්‍රචණ්ඩ අතට හැරී ඇත.

බොරිස් ජොන්සන් ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සාමකාමීව පවත්වාගෙන ගිය විරෝධතා මැරයන් විසින් යටපත් කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි