×

පේරු රට පුරා විරෝධතා

ඉන්ධන සහ පොහොර මිල ඉහළ යාම සම්බන්ධයෙන් රටපුරා ඇති වූ විරෝධතා හේතුවෙන් පේරු ජනාධිපති Pedro Castillo විසින් ලීමා අගනුවරට සහ Callao වරාය නගරයට ඇඳිරි නීතිය පනවා තිබේ.


 

 

ඉන්ධන මිල ස්ථාවර කිරීමේ උත්සාහයක් ලෙස ඉන්ධන බද්ද තාවකාලිකව ඉවත් කරන බව රජය පසුගිය ඉරිදා නිවේදනය කළේය.මේ සමග ආණ්ඩුව සමග උරණ වූ ලොරි රථ රියදුරන් සහ ගොවීන් පසුගිය සඳුදා රටේ බොහෝ ප්‍රදේශවල මාර්ග අවහිර කරන්නට විය.ඇති වූ කලහකාරි තත්වය හේතුවෙන් හතර දෙනෙක් මිය ගිය බව එරට රජය සඳහන් කරයි.ජනාධිපති කැස්ටිලෝ සිය අමාත්‍ය මණ්ඩලය සමඟ පැවති රැස්වීමකින් පසු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළේය.

ඔහු ලීමා සහ කැලාඕ සඳහා හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කළ අතර, රැස්වීමේ නිදහස සහ නිදහසේ සංසරණය වීමේ අයිතිය වැනි සමහර අයිතිවාසිකම් මේ වන විටත් අත්හිටුවා ඇත.මෙම ඇඳිරි නීතිය එරට ජනතාව මිලියන 10 කට පමණ බලපා තිබේ.යුක්රේනයේ යුද්ධය ආරම්භයේ සිට පේරුහි පොහොර සහ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.ලොරි රථ රියදුරන් පසුගිය සතියේ පේරු හි ප්‍රධාන මාර්ග අවහිර කිරීමට පටන් ගත් අතර එය ආහාර මිල ඉහළ යාමට පවා හේතු විය.සමහර ප්‍රදේශවල විරෝධතා පසුගිය සඳුදා ප්‍රචණ්ඩත්වයට පත් විය.පේරු රාජ්‍යය දැනටමත් ඉහළ උද්ධමනයකින් පීඩා විඳිමින් සිටින අවස්ථාවක සහ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ඉතා අඩු මට්ටමක පවතී.මෙම නව වාමාංශික නායකයා ඉතා සුළු බහුතරයකින් ජයග්‍රහණය කිරීමෙන් පසු ජූලි මාසයේ සිට බලයේ සිටී.

ඔහුගේ කෙටි කාලීන නිල කාලය තුළ, ඔහු ප්‍රධාන අමාත්‍යවරුන් වෙනුවට අවස්ථා ගණනාවකදී සිය කැබිනට් මණ්ඩලය අලුත් කර ඇති අතර, ජනාධිපති දෝෂාභියෝග යෝජනා දෙකකින් දැනටමත් නිදොස් වී තිබේ.ව්‍යවස්ථාදායකය සහ විධායකය බොහෝ විට ගැටෙන පේරු හි දෝෂාභියෝග ක්‍රියාදාමයන් සාපේක්ෂ ,සාමාන්‍ය තත්වයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි