×

රුසියානු හා තුර්කි ජනපතිවරුන්ගේ හමුවෙන් සිරියාව ගැන ඇමරිකාවට තිබූ සිහින බිඳවැටේ

.



රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එඩෝගන් අතර හමුවක් පසුගිය අඟහරුවාදා දකුණු රුසියාවේ නිවාඩු නිකේතනයක් වන සෝචි හි දී පැවැත්වින. ඒ සිරියාවේ අට වසරක සිවිල් යුද්ධය අවසානයක් කර ගෙන එම සදහා හවුල් න්‍යාය පත්‍රයක් හමුවේ එකගත්වයට පැමිණීමේ අපේක්ෂාවෙනි.

මෙහිදී දෙරට නායකයන් දෙදෙනා විසින් කරුණු 10 කින් යුත් අවබෝධතා ගිවිසුමක් එළිදක්වන ලදී. මෙම ගිවිසුමේ යටි පරාමාර්ථය වූයේ සිරියාවේ අනාගතය හැඩගැස්වීමට හෝ තීරණය කිරීමට ඇමරිකානුවන්ට තැනක් නැත. යන්න ඇමරිකානුවන්ට මෙන්ම ලෝකයට තහවුරු කිරීමයි.

පුටින් සහ අර්ඩෝගන් එකඟ වූයේ කුමක් සදහාද?

රුසියාව සහ තුර්කිය විසින් තුර්කි දේශසීමා අසල කුර්දි වයිපීජී කැරළි කරුවන් සිටීම ප්‍රධාන අවධානයට ලක් කර තිබිණි. තුර්කියේ සහය ලබන සිරියානු කැරලිකාර කණ්ඩායම් තමන්ට සහ අනෙකුත් සුළුතර කණ්ඩායම්වලට එරෙහිව ජනසංහාරක ව්‍යාපාරයක් දියත් කළ හැකි බවට කුර්දිස් වරුන්ට පවතින භීතිය පිළීබදවද එහිදී අවධානයට ලක් කර තිබිණි.

මෙම ගනුදෙනුව යටතේ රුසියානු හමුදා පොලිසිය සහ සිරියානු දේශසීමා ආරක්ෂකයින් බදාදා දහවල් සිට සිරියානු-තුර්කි දේශ සීමාවේ සිරියානු කලාපයට ඇතුළු වනු ඇත. ඊළඟ පැය 150 තුළ ඔවුන් වයිපීජී හමුදා සහ ඔවුන්ගේ ආයුධ දේශ සීමාවෙන් කිලෝමීටර 30 ක් (සැතපුම් 18 ක් පමණ) ආපස්සට ඉවත් කරනු ඇත.එළැඹෙන අඟහරුවාදා එරට වේලාවෙන් සවස 6 සිට රුසියානු හමුදා පොලිසිය සහ තුර්කි හමුදාව එම තීරයේ මුරකා ලනු ඇත.

පුටින් සහ අර්ඩෝගන් කලාපයේ ප්‍රධාන භූගෝලීය සහ දේශපාලනික තිරකයන් පත්ව ඇත.

එහෙත් පුටින් සහ ඒර්ඩෝගන් අන්තර්ජාතික දේශසීමා නැවත නිර්ණය කිරීම හා සම්බන්ධ නොවන ප්‍රතිපලයකට කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට තිබුණි – එමෙන්ම මෙවැන්නක් මගින් රටවල් දෙකම මුහුණ දී ඇති බෙදුම්වාදී ව්‍යාපාර අධෛර්යමත් කරනු ඇති බවට දෙරටයම විශ්වාස කරයි

සිරියාවේ “ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව” තහවුරු කිරීමට තමන් සහ තුර්කිය එකඟ වී ඇති බවට හමුවෙන් පසු රුසියානු ජනපති වරයා පැවසීය. එවැන්නක් හැගවීම මගින් සිය විදේශ ප්‍රතිපත්තිමය සාර්ථකත්වය ගැන ප්‍රචාරය කරන්නට ඔහුට හැකිව ඇත.

තුර්කිය හා රුසියාවේ මේ එකගත්වය අවාසිදායක වූයේ ඇමරිකාවටයි.

ජනපති ට්‍රම්ප්ගේ තීරණයක් අනුව එක්සත් ජනපද හමුදා භටයින් සිරියාවෙන් ඉවත් වීම ගැන කෝපයට පත් උතුරු සිරියාවේ කමිෂ්ලි නගර වැසියන් ඇමරිකානු හමුදා වාහනවලට අර්තාපල් වලින් දමා ගසන ලදී..
කෙසේ හෝ වේවා රුසියාව සහ තුර්කිය අතර සිදු වූ  එකගතාවෙහි විශාලතම දේශපාලනික පරාජිතයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එක්සත් ජනපද හමුදා වේගයෙන් පිටවීම පුටින්ට තෑග්ගක් විය: මේත් සමග ඇමරිකානු සෙබළුන් අලුතින් අතහැර දැමූ හමුදා කඳවුරු වල රුසියානු මාධ්‍ය වේදීන් සැරිසරමින් සිටීත.
අඟහරුවාදා ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු විසින් ඇමරිකානුවන්ට සිරියාවෙන් පිටවීමට කාලය පැමිණ ඇති බව දැඩි ප්‍රකාශයක් කළේය.

ෂොයිගු කියා සිටියේ එර්ඩෝගන් සහ උප ජනාධිපති මයික් පෙන්ස් අතර පසුගිය සතියේ ඇති වූ සටන් විරාම ගිවිසුමකට අනුකූල වීමට එක්සත් ජනපදයට පැය දෙකකට අඩු කාලයක් ඇති බවයි. එම ගනුදෙනුවේ කොටසක් ලෙස ස්ථිර සටන් විරාමයක් ඇති වූ පසු එක්සත් ජනපදය පසුගිය සතියේ තුර්කියට පනවා තිබූ සම්බාධක ඉවත් කරන බව පෙන්ස් පැවසීය.

කෙසේ හෝ වේවා මෙතෙක් ඇමරිකා එක්සත් ජනපදයට සිරියාව සම්බන්ධයෙන් පැවති තීරණ ගැනීමේ සහ බලපෑම් කිරීමේ හැකියාව මේ වන විට අහිමි වී ඇත. ඒත් සමග ඒ තැනට පැමිනේනට රුසියාව කාලයක් තිස්සේ ගත් උත්සහය මේ වන විට සාර්ථක වී ඇත. ඒ සදහා තුර්කි ජනපති එඩෝගාන් ද රුසියාව කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම රුසියාවට ඉතා පහසුවක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි