×

ගාසා තීරයේ පවුල් ලක්ෂයකට කටාර් ආධාර

කටාර් අරමුදල් මත ගාසා තීරයේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් කෙරේ අවධානය යොමු කිරීමටද නියමිතය.


කටාර් රාජ්‍යයේ ගාසා නියෝජිත මොහමඩ් අල්-එමඩි මහතා පසුගිය රාත්‍රියේ ගාසා තීරයට පැමිණි බවට ඊශ්‍රායල විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල චැනල් 13 පුවත් සේවය වාර්තා කරන අන්දමට, ඒ මහතා ගාසා තීරයේ නොසන්සුන්කාරී වාතාවරණය තුළ අසරණ වූ පවුල් ලක්ෂයකට මූල්‍ය ආධාර සැපයීමට සූදානම් වෙයි. 

කටාර් හි ගාසා නියෝජිත මේ වන විට කටාර් රාජ්‍ය අරමුදල් මත ගාසා තීරයේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමු කිරීමට ද නියමිත බව එම පුවත් සේවය වැඩිදුරටත් දන්වා සිටියි. 

ගාසා තීරයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය ඊශ්‍රායල – පලස්තීන ගැටුමේ ව්‍යුත්පන්නයක් ලෙස ක්‍රියාකරන අතර, එම අර්බුදය ඊජිප්තුව, ඉරානය හා තුර්කිය ඒකාබද්ධව කටාර් රාජ්‍යය සමඟ පවතින කලාපීය බල අරගලයේ විකාශනයක් ලෙසද විග්‍රහ කෙරේ. මෙම අර්බුදය තුළ විවිධ පාර්ශව ඊශ්‍රායලයට හෝ පලස්තීනයට සහයෝගය දක්වන අතර, ඉරානය – සෞදි අරාබිය, කටාර් – සෞදි අරාබිය, හා ඊජිප්තුව – තුර්කිය ආදී දෙපාර්ශව අතර සබඳතා වල අර්බුද පෙරදැරි කරගනිමින් මෙම අරගලය තුළ සහය පළකරන පාර්ශවය වෙනස් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි