×

UPDATE: රේන්බෝ පාලම ආශ්‍රිත පිපිරීම: ත්‍රස්ත ක්‍රියාවලට සාක්ෂියක් නැහැ!

ඉසුරු පරාක්‍රම ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයගරා ඇල්ලේ අසළ එක්සත් ජනපදය හා කැනඩාව සම්බන්ධ කරන රේන්බෝ පාලමේ එක්සත් ජනපදය තුළ හටගත් පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව නිව් යෝර්ක් ආණ්ඩුකාර කැතී හෝචුල් පවසයි. මෙම පිපිරීම හටගත්තේ දේශසීමා මුරපොලක් දෙසට වේගයෙන් පැමිණි වාහනයක්, කුටියක වැදී පුපුරා යාම සහ ගුවනින් විසි වී යාම සමඟ ය. රියදුරු සහ එම රථයේ ගමන්ගත් […]


ඉසුරු පරාක්‍රම

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයගරා ඇල්ලේ අසළ එක්සත් ජනපදය හා කැනඩාව සම්බන්ධ කරන රේන්බෝ පාලමේ එක්සත් ජනපදය තුළ හටගත් පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව නිව් යෝර්ක් ආණ්ඩුකාර කැතී හෝචුල් පවසයි.

මෙම පිපිරීම හටගත්තේ දේශසීමා මුරපොලක් දෙසට වේගයෙන් පැමිණි වාහනයක්, කුටියක වැදී පුපුරා යාම සහ ගුවනින් විසි වී යාම සමඟ ය.

රියදුරු සහ එම රථයේ ගමන්ගත් මගියා ඉන් ජීවිතක්ෂයට පත් වූ අතර මුරපොලේ සිටි එක් නිලධාරියකු තුවාල ලබා ඇත.

මෙම සිදුවීම ආශ්‍රිතව විමර්ශන සිදුවෙමින් පවතින අතර දේදුනු පාලම වසා ඇත.

ත්‍රස්තවාදය හෝ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති අතර, මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ දේශසීමා හරස් මාර්ගවල ආරක්ෂක විධිවිධාන තර කර තිබේ.

එක්සත් ජනපදයේ ස්වදේශීය ආරක්ෂාව පිළිබඳ ලේකම් ඇලෙහන්ද්‍රෝ මෙයොක්‍රාස් ද මෙම සිද්ධිය ත්‍රස්තවාදයට සම්බන්ධ බවක් නොපෙනෙන බව අවධාරණය කළේය.

සබැඳි පුවත්:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි