×

“රජිව් ගාන්ධි” ඝාතනයට සම්බන්ධ වූවන්ට නිදහස!

රජිව් ගාන්ධි ඝාතන නඩුවට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නාලිනී ශ්‍රීහරන් සහ ආර්.පී.රවිචන්ද්‍රන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(11) දින නියෝග කළ බව PTI පුවත් සේවය වාර්තා කරයි.


රජිව් ගාන්ධි 1991 මැයි 21 දින තමිල්නාඩුවේ ශ්‍රීපෙරුම්බුදුර්හි දී අසල්වැසි ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) කණ්ඩායමේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කරන ලදී.

රජිව් ගාන්ධි ඝාතන නඩුවට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නාලිනී ශ්‍රීහරන් සහ ආර්.පී.රවිචන්ද්‍රන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(11) දින නියෝග කළ බව PTI පුවත් සේවය වාර්තා කරයි.

නාලිනී ශ්‍රීහරන් සහ ආර්.පී.රවිචන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 6 දෙනා ද නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මීට පෙර ශ්‍රීහරන් නිදහස උදෙසා ඉල්ලා තිබූ ඉල්ලීම ද මදුරාසි මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණි.

තමිල්නාඩුවේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ රජිව් ගාන්ධි ඝාතනයේදී සිරකරුවන් හත්දෙනා සුළු භූමිකාවන් ඉටු කළ බවත් ඔවුන් එතරම් නොදන්නා කුමන්ත්‍රණයකට හවුල් වීමට රැවටී ඇති බවත්ය.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි