×

එක්සත් ජනපදයට දැවැන්ත ශිත කුණාටුවක්

මෙම සතිය තුළ එක්සත් ජනපදයට බලපාන ලද තෙවන කුණාටුව මෙය වේ


සටහන : සශිකලා මධුෂාණි, ජනවාරි 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදය හරහා හමා යන දැවැන්ත ශිත කුණාටුවක් හේතුවෙන් හිම කැට සහිත වැසි, ටොනේඩෝ එක්සත් ජනපදයේ සැම ප්‍රාන්තයකටම ඇතිවිය හැකි බවට ජාතික කාලගුණ සේවය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම සතිය තුළ එක්සත් ජනපදයට බලපාන ලද තෙවන කුණාටුව මෙය වන අතර සති අන්තයේ ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු වී ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලියද ඇනහිට ඇති බව වාර්තා වේ.

ඉලිනොයිස් වැසියන් 80,000 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි විසන්ධි වී ඇති අතර චිකාගෝ නගරාධිපති ඩොනා ජොන්සන් කාලගුණ නාලිකාවට පවසා තිබුණේ, බලය අහිමි වූවන් අතර තමන් ද සිටින බවයි.

ඊයේ(12)පස්වරුවේ හූස්ටන්හි විදුලිය ඇනහිටීම් 3,000 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර අලබමාහි වාර්තා වී ඇති විසන්දිවීම් සංඛ්‍යාව 11,000කි.

මේ වන විට ටෙක්සාස්, ආර්කන්සාස් සහ ලුසියානා ප්‍රදේශවල තද සුළං තත්වයන් වාර්තා වන අතර මිචිගන්හි අඩියකට වඩා හිම පතනයක් හා ඉලිනොයිස් හි චිකාගෝ හි අඟල් 8 (සෙ.මී. 20)ක හිම පතනයක් පුරෝකථනය කර තිබේ.

නිව් යෝර්ක් ආණ්ඩුකාර Kathy Hochul ප්‍රාන්තයේ බටහිර කොටසේ කුණාටුවක් ඇතිවීමට පෙර වහාම ජාතික ආරක්ෂක බළකාය සක්‍රීය කරමින් ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි