×

හිටපු බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝගේ වියදම් වාර්තා එළියට – අයිස්ක්‍රීම් වලට පමණක් පවුම් 1,300ක්

බොල්සනාරෝගේ ජනාධිපති ධූරයේ මුල් වසර දෙකෙහි පමණක් මුළු වියදම රුපියල් මිලියන 32, 2003 ක් ලෙස ගණන් බලා ඇත.


වත්මන් රජය විසින් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝගේ පුද්ගලික වියදම් ගිණුම් නිකුත් කර ඇති අතර, ජානාධිපතිවරයා එහි මිල අධික හෝටල්, විශාල ආහාර වේල් සහ අයිස්ක්‍රීම් සඳහා විශාල කැමැත්තකින් පසුව ඇති බව අනාවරණය වේ.

පසුගිය ඔක්තෝබර්හි පැවැති ජනාධිපතිවරණයෙන් අනතුරුව බලයට පත් වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිලිවා ගේ නව රජය විසින්, වසර 100කට සිය වියදම් වාර්තා ප්‍රකාශයට පත්කිරීම තහනම් කර තිබූ තහනම ඉවත් කරමින් බොල්සනාරෝගේ ජනාධිපති ධූරය හෙබවූ වසර 4රේහි වියදම් වාර්තාවන් හෙළිදරවු කර තිබේ.

මුදල් වියදම් කළ දිනය , මුදල, මුදල් වියදම් කළ ස්ථානයේ නම සහ ගෙවනු ලබන සමාගම ආදිය ඇතුළත් වාර්තාවේ වියදම්වලින් අතිමහත් බහුතරයක් හෝටල් සහ ආහාර ය.

බොල්සොනාරෝගේ ජනාධිපති ධුර කාලය තුළ සිදු කරන ලද විශාලතම වියදම් 10 න් නවයක්ම වූයේ ගුආරුජා හි හෝටලයක වන අතර, එහි අයිස්ක්‍රීම් සඳහා පමණක් වියදම් කර ඇති මුදල පවුම් 1,300 ක් පමණ වේ. එමෙන්ම රොරයිමා ප්‍රාන්තයේ අවන්හලකින් එක් දිනක් තුළ ආහාර වර්ග 659ක් පමණ ඇණවුම් කර ඇති අතර එහි සැන්ඩ්විච් 2,964ක් ලබාගෙන ඇත.

සංස්ථාපිත කාඩ්පත් ගමන් වියදම් සහ කුඩා හෝ හදිසි මිලදී ගැනීම් සඳහා භාවිතා කළ යුතු නමුත් බොල්සනාරෝ විසින් ඒවා දඩයම් කිරීම සහ මසුන් ඇල්ලීම, ක්‍රීඩා උපකරණ, ඇඳ ඇතිරිලි සහ බෝතල් කළ ගෑස් සඳහා ද වියදම් කර ඇත.

බොල්සනාරෝගේ ජනාධිපති ධූරයේ මුල් වසර දෙකෙහි පමණක් මුළු වියදම රුපියල් මිලියන 32, 2003 ක් ලෙස ගණන් බලා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි