ඇමෙරිකාවෙන් ඊශ්‍රාලයට සහනයක්
ඇමෙරිකාව විසින් ඊශ්‍රාලයට අවශ්‍ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට එකඟතාව පළකරයි
සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඇමෙරිකාව විසින් ඊශ්‍රාලයට අවශ්‍ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට එකඟතාව පළකර තිබෙන අතර, ගාසා තීරයේ මෙහෙයුම් කටයුතු සදහා අවශ්‍ය බෝම්බ හා ප්‍රහාරක ගුවන් යානා මෙලෙස ලබා දෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
එම යුද ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන දෙකයි දශම පහක් පමණ වන බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඇමෙරිකාව ලබා දීමට නියමිත එක් බෝම්බ වර්ගයකින් එය පතිත වන ස්ථානයේ සිට මීටර් දාහක දුරින් සිටින පුද්ගලයෙකු වුවද මරා දැමීමට හැකියාව පවතින බවයි .
රෆා ප්‍රදේශයේ මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඊශ්‍රායලයට විරෝධය දක්වන අතරතුර අනෙක් පසින් යුද ආධාර ලබාදීම ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්ව තිබෙන බව පෙනී යයි.