×

දහස් ගණන් උතුරු කොරියානු කාන්තාවන් හා දැරියන් චීනය තුළ ලිංගික වහල් සේවයේ

මේ කතුන්ගේ ගේ ගමන නිම වී තිබෙන්නේ වියපත් චීන පිරිමින්ගේ පිරිමින් ගේ භාර්යාවන් බවට පත්වීමෙනි. එසේත් නැති නම් cybersex හෙවත් සජීවී ලෙස අන්තර්ජා ජාලය හරහා ලිංගික සේවා සපයන අය බවට පත් කිරීමෙනි


උතුරු කොරියානු කාන්තාවන් සහ දැරියන් දහස් ගණනක් චීනය තුළ ලිංගික වහල් සේවයේ යොදවා ඇති බව අලුත්ම වාර්තාවක් හෙලිදරව් කරයි. ඔවුහු සියලු දෙනා එක්කෝ මිනිස් ජාවාරම හරහා එසේත් නැතිනම් සෘජු විකුණා දැමීම මගින් උතුරු කොරියාවෙන් පිටමං කළ අය වෙති. සිය වටපිටාවේ සිටින රජයේ නිළධාරීන්, ව්‍යාපාරිකයන්, නීතිඥයන් සියළු ක්ෂේත්‍රයේ පිරිස් විසින් කාන්තාවන් ලිංගික වහල් සේවයේ යොදවමින් සිටී. නමුත් එතෙකින් නොනැවතී ඔවුන් කාන්තාවන් රැසක් අන්තර්ජාලය තුළද ලිංගික වහල් සේවයේ යොදවා ඇත්තේ කුසට අහරක්වත් ලබා නොදෙමිනි.

මේ කතුන්ගේ ගේ ගමන නිම වී තිබෙන්නේ වියපත් චීන පිරිමින්ගේ පිරිමින් ගේ භාර්යාවන් බවට පත්වීමෙනි. එසේත් නැති නම් cybersex  හෙවත් සජීවී ලෙස අන්තර්ජා ජාලය හරහා ලිංගික සේවා සපයන අය බවට පත් කිරීමෙනි. London-based Korea Future Initiative (KFI) විසින් එළි දක්වා ඇති මෙම වාර්තාවේ අන්තර්ගත වන්නේ ඔවුන්ගේ ම කතා පුවත්ය. ඔය අවුරුදු 12 ක් පමණ ළාබාල වයසක යුවතියන් දූෂණයට ලක්වූ ආකාරයක් කාන්තාවන්ට දින ගණනක් නොකා නොබී සයිබර් sex හෙවත් අන්තර්ජා ජාල ලිංගික කඩ සේවිකාවන් බවට පත්වීමට සිදුවූ ආකාරයත් පිළිබඳ ඇඟ කිලිපොලා යන වාර්තා ඒවායේ අඩංගු විය.

උතුරු කොරියාවෙන් පලා යන කාන්තාවන් මිනිස් ජාවාරම් කරුවන්ට හසු වීම අලුත් කතාවක් ‍ නොවන මුත් මෑත කාලයේ මේ තත්ත්වය ඉතාම දැඩි ලෙස ඉහළ ගොස් තිබෙන්නේ චීනය තුළින් ඇති වි තිබෙන ඉහළ ඉල්ලුම නිසා බව වාර්තාව පැහැදිලිව සඳහන් කරයි. චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම වාර්තා පිළිබඳ තවම අදහස් දක්වා නැත. උතුරු කොරියාවෙන් පලා යන ජනතාව පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන හෝ නිල සංඛ්‍යාලේඛන උතුරු කොරියාව ද පවත්වා ගෙන යන්නේ නැත. නමුත් මූලික මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ දස දහස් ගණන් උතුරු කොරියානුවන් චීනය තුළ සරණාගතයන් වශයෙන් ජීවත් වන බවයි. 2014 වසරේ එළිදැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කළ වාර්තාව ඒ බව සනාථ කරයි.නමුත් උතුරු කොරියානු කාන්තාවන්ගේ ඉරණම පිළිබඳ අලුත්ම වාර්තාව එළි දක්වන ලන්ඩනය අවධාරණය කරන්නේ මෙම සංඛ්‍යාව ලක්ෂ දෙකක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි