×

තායිවානට බලපෑ භූමිකම්පාවෙන් නව දෙනෙකු මිය යයි; තුවාල ලැබුවන් සංඛ්‍යාව 800 ඉක්මවයි

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මක වේ.


සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 25කට පසු අද(03) උදැසන තායිවානයට බලපෑ රිච්ටර් මාපකයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් නව දෙනෙකු මිය ගොස් 800 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ,

ප්‍රධාන භූ කම්පනයට අනතුරුව පසු කම්පන නවයක් පමණ ඇතිව ඇති අතර කඩා වැටුණු උමං මාර්ග තුළ, රළු වෙරළ තීරයේ හා කඳුකර මාර්ගවල පුද්ගලයන් 127 ක් පමණ සිරවී සිටින අතර ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මක වේ.

තායිවාන භුමි කම්පාවත් සමඟ අසල්වැසි ජපන් සහ පිලිපීන දූපත් සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනය කළමුත්, පසුව ඒවා ඉවත්කරගෙන තිබිණ.

මේවන විට ජපානය සහ පැරගුවේ වැනි රටවල් තායිවානයට ආධාර ලබා දී ඇති අතර තායිවානයේ විදේශ කාර්යාලය X හි ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ජපානය සහ පැරගුවේ වැනි මිතුරන්ට ආධාර ලබා දීම පිලිබදව ස්තුති කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි